Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජවිපෙ ප්‍රධන ලේකම් අතර හමුවක්

(-Colombo, November 26, 2024-)

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (26) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා එක්ව සිටියහ.මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී.