Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ආසියානු සංවර්ධන බැංකුව සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

(-Colombo, August 12, 2024-)

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු දැක්වූහ.

මේ අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්ව සිටියේය.