අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ කුරුණෑගලදී මේ වනවිට ආරම්භ වී ඇති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන රට විකුණන, ජනතාව මර්දනය කරන, ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජන බල විරෝධතා රැලිය අමතමිනි.
තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් නොවන ලෙසත් මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී ඇති බවත් එම රැලිය අමතමින් ඔහු අවධාරණය කළේය.
ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන බැවින් මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් අවධාරණය කරනු ලැබීය.
– ලංකා ටෘත්