-Colombo, February 07, 2024-
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
ආයතනයේ හිමිකාරීත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කරගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.
එසේම ඔවුන් විසින් ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර තිබේ.
මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත්කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛණිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J. Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වූහ. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරිමේ පහසුව, බලශක්ති ක්ෂේත්‍රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.