Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අලුත් ජනවරමකට ගියොත් මේ වළෙන් ගොඩ ආ හැකියි

රට ඉස්සරහට ගෙනියන්න, මේ වැටිලා තියෙන වළෙන් ගොඩ එන්න එසේම ආර්ථික ගැටලුවලට උත්තර හොයන්න නම් අලුත් ජනවරමකට යෑමට අවශ්‍ය යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත  මහතා මහනුවරදී පැවැසීය. ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරනු ලැබූ කුණ්ඩසාලේ උතුර කොට්ඨාස සභාව පිහිටුවීමේ ජනහමුව අමතමින් එහිදී ලාල්කාන්ත මහතා එසේ කීය.

වැඩිදුරටත් ජනහමුව ඇමැතූ ඒ මහතා

ජාතික ජන බලවේගය ජාතික සටන් පාඨයක් තියෙනවා.  ඒ පාර්ලිමේන්තුව විසුරුවලා මේ ජනතාවට අවස්ථාවක් දෙන්න. අලුත් පාලනයක් පත් කර ගන්න. ඕක තමා අපේ ජාතික අරගලය. මේ ජනවරම දැන් වලංගු නැහැ. හැටනව ලක්ෂය දාලා ගියා. පරාද කරපු රනිල් දැන් ජනාධිපති වෙලා. ඉස්කෝලෙක දේශපාලන විද්‍යාවට මේක උගන්නන්න බැහැ. තුනෙන් දෙක දුන්නේ රනිල්ව පරද්දන්න. ඉන් පස්සේ එකසිය තිස් හතරක් ඡන්දෙ දීලා රනිල්ව ජනාධිපති කරනවා. කුමන මූලධර්මයෙන්වත් රනිල් ජනාධිපති ඉන්න විදිහත් අගමැති වුණු විදිහත් ගෝඨා දාලා ගිය විදිහත් න්‍යායාත්මක අයුරින් පැහැදිලි කරන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට අවස්ථාවක් දෙන්න. දැන් ජනවරම විකෘති වෙලා තියෙන්නේ. විකෘති පාර්ලිමේන්තුව විසුරුවපල්ලා. මේ පාලනය නිසා රට අස්ථාවර භාවයට පත් වෙලා. අස්ථාවර වෙලා තියෙන රටකට ඩොලර් එන්නේ නැහැ. ආයෝජකයන් සංචාරකයන් එන්නේ නැහැ. රට ඉස්සරහට යන්න නම් මේ අස්ථාවරත්වය ඉවර කරන්න ඕනෑ. ඒකටයි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනි.

ජනවරමක් නැති ජනාධිපති කෙනෙක් මේ විදිහට එනව නම් එයාට දිගට ඉන්න දෙන්න බැහැ. අපි කියන්නේ මාස හයෙන් යන වැඩපිළිවෙළක් ඕනි නැවත ජනවරමකින් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්න.

මේ බලය පුද්ගලයකුට දෙන්නේ රටේ ජනතාවගෙන් බහුතරයකට වැඩි එක ඡන්දයක් ගත්තා කියලා පදනමින්. ඒ පදනම මුළුමනින්ම බිඳවැටිලා තියෙන්නේ. ජනවරමත් එක්ක මේක සම්බන්ධයක් නැහැ. ව්‍යවස්ථාවේ නීතිමය සම්බන්ධයක් විතරයි තියෙන්නේ.

අපේ රටේ ව්‍යවස්ථාව ලොකු වෙනසකට ලක් කරන්න ඕනි. විධායක ජනාධිපති පැත්තකට දාලා පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක් ඇතිකරන්න ඕනෑ. පළාත් පාලන ඡන්දෙ කල් දැම්මා. දැන් ඡන්දෙ අවුරුද්දක් පරක්කු වෙලා.

දැන් රනිල් වික්‍රමසිංහ ගැටයක් දාන්නයි යන්නේ ඒකත් අෑතට ගෙනියන්න. මන්ත්‍රි සංඛ්‍යාව අඩු කරන්න ඕනෑලු. මන්ත්‍රි සංඛ්‍යාව අඩු කරන්න නම් සීමා අලුතෙන් වෙනස් කරන්න ඕනෑ. මේ හදන්නේ මන්ත්‍රි සංඛ්‍යාව වැඩි කියන කතා පළාත් පාලන ඡන්දය කල් දාන්නයි.

සදාකල් මේගොල්ලෝ ඉන්නකන් පළාත් පාලන මැතිවරණයක් නැහැ. පළාත් සභා අලුතෙන් තියන්න ඡන්ද ක්‍රමයක් නැහැ. ඒ නිසා පළාත් සභා ඡන්දෙත් නැහැ. පාර්ලිමේන්තුවේ උපරිම කාලය තව අවුරුදු දෙක හමාරයි. එතැනට යනකොට පාර්ලිමේන්තු ඡන්දයත් නැහැ.

තව අවුරුදු දෙක හමාරකින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න යනකොට ඒකටත් ලෙඩක් දානවා. මොකද දිනන්න බැහැ කියලා දන්න නිසා. ජනතාව ඇති පදනමින් මේවා තේරුම් අරන් ඉන්නේ. අපි ඉන්නේ මහා ජනතා නැඟිටීමකින් පස්සේ. අපි ජනතාවට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නැහැ.

දැන් කුඩා දරුවන්ගේ ඉඳලා හැමෝටම දැන් අදහසක් ඇති වෙන්න ඕනෑ. මුන්ව යවන්න ඕනෑ. ඒත් මුන් යන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියලා හාදයෙක් ඉන්නවා විමල් වීරවංශ, ගම්මන්පිල, වාසු, රතන හිමි තමාගේ පැවැත්ම, ආරක්ෂාවට පෙරමුණක් හදාගෙන එළියට දාලා උඩට ගන්න පුළුවන් නම් ඡන්දෙ තියනවා. නැත්තන් ඡන්දෙ තියන්නෙ නැහැ. බොරු රැවටිලිකාර උගුල් අටවලා ඒවාට ජනතාව කොටු කරන්න යනවා නම් අපි ඒක බිම් මට්ටමෙන් පරාද කරන්න ඕනෑ. ජනතාව මෙවැනි බොරු වළවල්වල වැටීම නතර කරන්න.

පාර්ලිමේන්තුවත් දෙකම දැවැන්ත ජන බලයකින් වටලන්න ඕනෑ. ඕක කියනකොට තමා රනිල් සැරින් සැරේට කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියලා. මාසෙකට විතර සැරයක් කියනවා සුනිල් හඳුන්නෙත්තිවයි ලාල් කාන්තවයි අත්අඩංගුවට ගන්න ඕනෑ. අපි කියන්නේ ප්‍රතිපාදනයට අනුව පාර්ලිමේන්තුව විසුරවලා ජනතාවට අවස්ථාවක් දෙන්න කියලා.

ජනමතයක් සහ සංවිධානාත්මක බලය ගොඩනැඟීමෙන් පමණයි මේගොල්ලන්ව යවන්න පුළුවන් වෙන්නේ. වෙන ක්‍රම නැහැ. අපි වෘත්තීය සමිති විදිහට දැන් ආරම්භයක් අරන් තියෙනවා. වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරය දැන් සූදානම් කරමින් තියෙනවා.  

මැණික්හින්න –  ඩී. වන්නිආරච්චි (මව්බිම)