Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුර කුමාර දිසානායක සහෝදරයා ස්වීඩනයේ ස්ටෝක්හෝම් ගුවන් තොටුපලට

(-Colombo, April 26, 2024-)

AKD-to-Sweeden

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) අලුයම ස්වීඩනයේ ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ඒ අද දහවල් ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවකට එක්වීමට යි.

ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගත් බවයි වාර්තා වන්නේ.

ස්වීඩනයට ගිය අනුර කුමාර දිසානායක සහෝදරයා එරට ජාතික ජන බලවේගය කමිටුව විසින් සංවිධානය කරන ශ්‍රී ලාංකිකයන් ඇමතීම නියමිතව ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී Nacka නගරයේ Griffelvägen හී Nacka Aula සම්මන්ත්‍රණ ශාලාවේ දී යි. එරට සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ ස්වීඩන් වේලාවෙන් ප.ව. 1.30ට එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට සියල්ල සුදානම් බවයි.

AKD-to-Sweeden
AKD-to-Sweeden