-Colombo, February 03, 2024-
ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත් වෙයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ. හෙට දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතය.