(-Colombo, August 15, 2024-)
සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (15) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදුන්නේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහා ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල ද එක්ව සිටියහ.
නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අනුර කුමාර දිසානායක පැමිණ සිටි පිරිසගේ උණුසුම් පිළිගැනීමට ලක්විය.