(-Colombo, August 16, 2024-)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පෙරවරුවේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියේය.