Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුර කුමාර දිසානායක මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි

(-Colombo, August 16, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්තද එක්ව සිටියේය.