-Colombo, February 08, 2024-
ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූහ.
එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය. i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරයි. උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.
අනතුරුව අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිතය.
TATA Motors
Gujarat Agro Industries Corporation
i – Hub