ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් අතර හමුවක් අද(12) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳවත් එම ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ඇති යෝජනා අදහස් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.