(-Colombo, August 17, 2024-)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තිද එක් විය.