Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර දකුණු අප්‍රිකාවේ සමුළුවක

III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්‍යත්වය පිළිබඳ III ජාත්‍යන්තර උභතෝකෝටික සමුළුව) ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් එක්වන මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර සහභාගී වී සිටී.

දකුණු අප්‍රිකාව, ජොහැන්නස්බර්ග්, හී දී රටවල් 70ක ට අධික සංඛ්‍යාවක සංවිධාන නියෝජනය කරමින් සාමාජිකයින් 500 ක්, මීට සහභාගී වේ. ධනේශ්වර ක්‍රමය විසින් ජනනය කරන ලද අර්බුදවලට මුහුණ දීම සඳහා ව්‍යාපාර, ආණ්ඩු සහ වැඩ කරන ජනතාව ගොඩනඟා ඇති, ගොඩනඟමින් සිටින සහ ගොඩනැගිය යුතු විසඳුම් පිළිබඳ විවාදයට සහ සාකච්ඡාවට ඉඩක් වීමට මෙම සම්මේලනය උත්සාහ කරයි.

පලස්තීන විප්ලවකාරිනී ලීලා කාලීඩ්, දකුණු අප්‍රිකානු පැල්පත්වාසීන්ගේ ව්‍යාපාරයේ S’bu Zikode, දකුණු අප්‍රිකාවේ Abahlali baseMjondolo, එක්සත් ජනපදයේ Socialism and Liberation පක්ෂයේ Claudia de la Cruz, ඝානාවේ සමාජවාදී ව්‍යාපාරයේ Kwesi Pratt Jnr. සහ බ්‍රසීලයේ ඉඩම් නොමැති ග්‍රාමීය කම්කරු ව්‍යාපාරයේ (MST) João Pedro Stedile මීට එක්ව සිටී.

දින පහක සමුළුව පැවැත්වෙන්නේ, විනී මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලා, ජෝ ස්ලෝවෝ වැනි දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී සටන්කරුවන් සහ රට තුළ පැවති පිළිකුල් සහගත වර්ණභේදවාදී සමය තුළ අපරාධවලට ලක් වූ සහ හිංසාවට ලක් වූ තවත් දහස් ගණනක් සිරගත කළ බන්ධනාගාරයක් ව තිබූ Constitution Hill හි දී ය. 1996 දී එවකට ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් දකුණු අප්‍රිකානු අලුත් ව්‍යවස්ථාව අත්සන් කරනු ලැබුවෙ ද මෙම Constitution Hill දීය.

ජාත්‍යන්තර මහජන සභාව සහ සමුළුවේ සම්බන්ධීකරණ කණ්ඩායමේ Stephanie Weatherbee Brito සමුළුවේ ඓතිහාසික ස්වභාවය අවධාරණය කළේ, “අපි රටවල් 70කට වැඩි සංඛ්‍යාවක සංවිධාන 120ක සාමාජිකයින් එකතු කර මහජන ආණ්ඩු ගොඩ නැගීම, නීත්‍යානුකූල සහ එය කළ හැකි ආකාරය ගැන කතා කරන්නෙමු. මෙම සම්මන්ත්‍රණය කම්කරු පන්ති ව්‍යාපාර විසින් ගොඩනගන ලද ක්‍රියාවලියක එක් පියවරකි. එය විවාදය පමණක් නොව සැමට ගෞරවාන්විතව ජීවත් විය හැකි අනාගතයක් ගොඩනැගීම වටා ක්‍රියා කිරීමට උත්සාහ කරයි” යනුවෙනි.

මෙම සමුළුවේ ‘ජනතාව සඳහා සෞඛ්‍යය’ මාතෘකා කරමින් පසුගිය (15) පැවැත්වූ සාකච්ඡාමය සම්මන්ත්‍රණයේ සංවාද මණ්ඩපය සඳහා Janneke Ronse (බෙල්ජියම), Ricardo Emmanuel Alvarez (Argentina), Samkeliso Phiri (දකුණු අප්‍රිකාව), Joanita Najjuka (Uganda) සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබෙනවා.