Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් රජයේ ජවිපෙ නායකයින් හමුවෙයි

(-Colombo, November 25, 2024-)

ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ජවිපෙ නායකයින් හමුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයා සහභාගි විය.

දීර්ඝ කාලයක් තිස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර පවතින දේශපාලන මිත්‍රභාවය පිළිබඳවත් ඉදිරි ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙනුත් මෙහිදී අවධානය යොමු විය.

මේ අතර චීන නියෝජිත පිරිස ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ආණ්ඩුවට තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවිය.