Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Presidential Election - 2024

A Rich Country - A Beautiful Life

Ask a question

Ask Questions
Newton koswatte

ආදරණීය ජනාධිපතිතුමනි, අපේ රට සෞභාගය කරා ගමන් කරන්ට ඔබට සාක්‍ය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට දීර්ඝායුෂ ද පවත්නා කරමි Newton koswatte Milano italy

Admin

ඔබගේ ප්‍රාර්ථනාව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය ප්‍රකාශ කරමු.

Alboruge priyantha mervyn Dabare

ගරැ මහත්මයා/මහත්මිය, ඹබෙග් රජට යටෙත් වාහන ආනයනය සහ වාහන මිල සදහා වන සියලු කාරනා දැන ගැනිමට කැමැත්ෙතමි. ස්තුතියි, ජයෙවිවා!🙏♥️✊🫡🇱🇰

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විද්‍යානුකූල පදනමක් මත පිහිටා රථ වාහන ආනයනට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම ඊට අදාල බදු ප්‍රතිපත්තිය ප්‍රති සමාලෝචනයට ලක් කරන අතර අවශ්‍යතාවය අනුව අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට ජනතාවට ඇති අයිතිය ක්‍රමිකව තහවුරු කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

පත්මසිරි ජයකොඩි

අනුර කුමාර සහෝදරයා සහ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රණිල් අතර ඩීල් එකක් ඇතිිබවට සජබ වේදිකාවල කියන්ට් පටන් අරන් තියෙනවා මෙයට වහා පිලිතුරැ අවශ්‍යයි නේද?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙවැනි ප්‍රකාශ ජාතික ජනබලවේගයේ වර්ධනය දරාගත නොහැකි පිරිස් විසින් ගොඩනගා පතුරුවන කරුණු බව ඔබ මෙන්ම මේ රටේ බහුතරයක් ජනතාව ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇති බව අපගේ විස්වාසයයි. කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මෙම කරුණ අපගේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති බව ද දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Aruna dilshantha

ඔබගෙ අණ්ඩුව තුල ශ්‍රිලංකාව තුල මුදල් ඉපයිමට ගන්නා නව ක්‍රියාමර්ග මොනවාද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රටක ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ ඒ රටේ ආර්ථිකයේ පදනමයි. අප විසින් ගොඩනගන රාජ්‍ය පාලනයක ප්‍රමුඛතාවය ලබා දෙන්නේ රටේ නිෂ්පාදනය ඉහළ දැමිම සඳහායි. නිෂ්පාදනය ඉහළ දැමීම පමණක්ම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා වන වෙළඳපළ ද පුළුල් කළ යුතුය. එහිදි අප අනුගමනය කරන්නේ දේශිය වෙළදපළ කාර්යක්ෂම, ඵලදායි සහ ප්‍රශස්ථකරණය කිරීම සහ ගෝලිය වෙළඳපළ වෙත අවතිර්ණ වීමයි. නැතිනම් ගෝලිය සැපයුම් ජාලයට අපගේ රට සහ ආර්ථිකය බද්ධ කිරීමයි. ආනයන වියදම් පහළ දැමීම සහ අපනයන ඉපැයීම් ඉහළ දැමීම මගින් රටට හිතකර ගෙවුම් ශේෂයක් පවත්වා ගෙන යෑම මෙහි අවසන් ඉලක්කයයි. මෙම අරමුණ වෙනුවෙන් අපගේ රාජ්‍ය පාලනයක් නොපමාව කටයුතු කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Nirmal Perera

ආදායම් බදු සීමාව රු .100000 සිට රු . 200000 දක්වා වැඩි කරනුයේ 2025 අවුරුද්ද සදහාද 2026 අවුරුද්ද සදහාද ? VAT බදු අඩු කිරීම් සිදු කරනුයේ 2025 අවුරුද්ද මුල සිටද 2026 අවුරුද්ද සදහාද ? බදු සංසෝධන හේතුවෙන් අහිමි වෙන අදායම් ලගාකරගැනීමට පියවර මොනවාද? කාලරාමුව කෙසේද? බදු සංසෝධන සදහා IMF ආයතනයේ එකගතාවය නොලැබුනහොත් IMF වැඩසටහනෙන් ඉවත්වීමට කටයුතු කරනවාද ? ඉවත්වන්නේනම් ණය ප්‍රතිවියුහගත වැඩසටහන සම්පුර්ණ කිරීම සදහා ගනු ලබන පියවර මොනවාද ?

Admin

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ආදායම් බදු සීමාව නිෂ්චිත ලෙස 2025 වසරට අදාල වන අය වැය ලේඛනය මඟින් සංශෝධනය කරනු ඇත. VAT බදුවලට අදාල ප්‍රතිශෝධන සිදු වන්නේ ද 2025 වසරට අදාල වන ලෙසය. බදු සංශෝධන හේතුවෙන් අහිමි වෙන අදායම් ලබා ගැනීම සඳහා වන විකල්ප ආදායම් උත්පාදන වැඩපිළිවෙළක් අප සතුව ඇති අතර ඒ අනුව කටයුතු කරනු ඇත. මූල්‍ය අරමුදල සමඟ මේ වන විටත් අත්සන් කර මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙන විස්තිර්ණ ණය පහසුකම් (EFF) සැපයිමේ ගිවිසුමෙන් අප ඉවත් නොවන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. මෙම ගිවිසුමේ ඇතැම් දැඩි කොන්දේසි හේතුවෙන් පිඩාවට පත්ව සිටින පොදු මහ ජනතාවට කඩිනමින් සහනයක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් සමඟ සාකච්ඡා කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.