Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Presidential Election - 2024

A Rich Country - A Beautiful Life

Ask a question

Ask Questions
වරුණ ප්‍රසාද්

ඔබ තුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ රටේ තියන විෂ සහිත ආහාර සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?? උදාහරණයක් විදිහට කිරිපිටි, Coke,බිස්කට් වර්ග විවිධ නූඩ්ල්ස් වර්ග, යෝගට්, සොසේජස්, ajinamoto,සුප් කැට, මේ හැම කෑමක් ම උග්‍ර පිළිකා කාරක ඉතින් මේ වට ගන්න ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා ද අද පාලනාධිකාරිය ඇස් කන් පියන් බලන් ඉන්නවා මට කනගාටුවක් තියෙන්නේ මේ ගැන. ලොකු පිළිතුරක් බලන් ඉන්නවා. මගේ ඡන්දයට මේ පිළිතුර ලොකු බලපෑමක් කරනවා.....

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 20 වැනි පිටුවේ නිරෝගී ජිවිතයක්.....සෞඛ්‍ය සම්පන්න ජනතාවක් .... මැයෙන් යහපත් සෞඛ්‍යක් සහ ආහාර රටාවක් ගොඩනැගීමට අදාල වන අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එහි ඔබ විසින් මතු කර තිබෙන ගැටළූවට අපගේ විසඳුම් යෝජනා කර ඇත. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය.

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ඉසුරු ලක්ෂාන්

2016 වසරේ සිට 2019 වසර දක්වා සේවය කර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් එවකට සිටි ආණ්ඩු විසින් සිදු කර ඇති අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ එය නැවත ලබා දීමට කටයුතු කරනවා ද නැද්ද යන්න සවිස්තරාත්මක විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය වී තිබේ.

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමුව ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු සාධාරණ ලෙස විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. වැඩිහිටි සුභසාදනය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය කෙටියෙන් දැන ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 90-92 පිටු විමර්ශනය කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදි බාවිතා කරනන්.

https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Malitha Dissanayake

1 චිනයෙන් ආනයන කරන අත්‍යව්‍ය නොවන භාණ්ඩ පිළිබදව ප්‍රතිපත්තිය කුමක්ද. කුඩා ඉලෙක්ට්‍රොනික උපරකරණ Radios, smartwatches, toys වැනි. 2 දැනට තිබෙන පෞද්ගලික පාසල් ගැන සහ දරුවන් පෞද්ගලික පාසල් වෙත යොමුකිරීම පිලිබදව NPP ආණ්ඩුවක්ගේ යටතේ ඉදිරි දැක්ම කුමක්ද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 99 වැනි පිටුවේ ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයක්...පොහෙසෙත් රටක් ... මැයෙන් ආනායන අපනයන ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 108 වැනි පිටුව තුළ විදේශ වෙළඳාමට අදාල අපගේ වැඩපිළිවෙළ පැහැදිළිව දක්වා ඇත. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ආනයන ප්‍රතිපත්තිය මෙන්ම අපනයන ආදායම් පුළුල් කරන වැඩපිළිවෙළද ඊට ඇතුලත් වේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Kasun sankalpa

ලංකාවේ රජයේ රෝහල් වල නේවාසික වාට්ටු වල ස්වභාවය ප්‍රශ්න කාරී වේ. ඇදන් ගැටලු, වැසිකිලි වල තත්වය හා භාරකරු නොමැති රෝගීන් තත්වය ඉතා කනගාටුදායකය. පසුගිය ආණ්ඩු මගින් ඒ සදහා ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොමැත. තවද භාරකරු නොමැති නම් රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කිරීමට මැළි නමක් දක්වයි. මේ සදහා ඔබගේ ක්‍රියා මාර්ග සහ ප්‍රතිපත්තිය කවරෙක්දැයි ගෞරව පූර්වකව අසමි.

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 20 වැනි පිටුවේ සිට ඉදිරියට නිරෝගි ජිවිතයක්.....සෞඛ්‍ය සම්පන්න ජනතාවක්... මැයෙන් අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ සමස්ථ සෞඛ්‍ය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට සුව පහසු ගුණතේමක සහ ප්‍රමාණාත්මක සෞඛ්‍ය සඳහා වන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Deshapriya waduge

පෙර දින නිකුත් වූ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සංසංචාරක ප්‍රතිපත්ති ප්‍රකාශ වල විද්‍යුත් පිටපත් බාගත කරගත හැක්කෙ කෙසේද ?

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ ඉල්ලා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies
ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.