Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
G.k Malith Thilanka

ඇත්තෙන්ම ඔබලා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මා හට නොමැත ,මා හට ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කිරීමට පමණයි අවශ්‍යය, වසර ගණනක් මුළුල්ලේ සිට කඳවුරු දෙකක් විසින් ශ්‍රී ලංකා වාසීන්ගේ හැඟීම් සමග සෙල්ලම් කරමින් රවට්ටමින් මුලා කරමින් විවිධාකාර වූ නාට්‍ය පෙන්නමින් ඉතා බරපතළ ආකාරයෙන් අපිව රැවැත්තුවා. .එන ජනාධිපතිවරණයේදී අනුර කුමාර මහතා මීට වශයෙන්ම රටේ ජනාධිපති වෙනවා, පින් සිද්ද වෙයි මහත්තයෝ රාජපක්ෂල වගේ අපිව රවට්ටන්නැතුව මේ ලංකාව දකුණු ආසියාවේ පළවෙනි තැනට අරන් එන්නේ කියලා කරන ඉල්ලීම විතරයි ඔබතුමාලංගෙන් බලාපොරොත්තු වෙන්නේ

Admin

ඔබගේ අදහස් සහ ඉල්ලීම පිළිබදව අපගේ බලවත් අවධානය යොමු කරන අතර එවැනි කරුණු මතු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පුද කරමු. 76 වසරක් තිස්සේ අපේ රට විනාශ කළ වත්මන් පාලන තන්ත්‍රය පෙරළා දමා නව රාජ්‍ය පාලන ව්‍යුහයක් ඇති කිරීම වෙනුවෙන් මේ වන විටත් අපේ රටේ සුවහසක් ජනතාව පෙළ ගැසි සිටින මොහොතක ඔබ ද එහි කොටස්කරුවෙකු විම පිළිබදව අපි සතුටට පත් වෙමු. එමෙන්ම අපගේ පාලන තන්ත්‍රයක් යටතේ කිසි විටෙක ඔබ රැවටිමට ලක් නොවනු ඇත. ඒ පිළිබඳව අප සහතික වෙමු. 

බී. ඒ. ලක්ෂමන්

ජාතික ජන්බලවේගය රජයක් යටතේ රෝහණ විජේවීර සහෝදරයා ගේ ගාතනය හා බටලන්ද වදකාගාරය තුල සිදු ගතන්යන් පිලිබඳ ගන්නා පියවර කුමක්ද (බටලන්ද සිය ඇසින් දුටිමි )

Admin

ජාතික ජනබලවේගය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන දේශපාලන ව්‍යාපාරයකි. අප කිසිදු විටක අනීතික පැහැර ගැනිම් හෝ මනුෂ්‍ය ඝාතන අනුමත කරන්නේ නැත. එමෙන්ම එවැනි තත්වයන් ඇති වීමට කිසි විටෙක ඉඩ සලසන්නේ ද නැත. එබැවින් ඉතිහාසයේ සිදුවූ ඔබ සදහන් කළ සිදුවිම් මෙන්ම සියළුම ආකාරයේ රට තුළ සිදුවු එවැනි සිදුවිම් පිළිබදව විනිවිද පෙනෙන පරිදි පූර්ණ විමර්ශණයක් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම එලෙස ඝාතනයට ලක්වු සියළු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කිරිමට කැප වෙනු ඇත.

කණිෂ්ක නුවනෙත්

ප්‍රෂ්නයක 1. පිහිටි පාසල ඉතා නොදියුණු පාසලක් වීම.අඩු ආදායම් ලාබින් ඇති මාගේ ගම්මනයේ ලගම පාසල්ට ලමුන් යන්නේ අපගේ ගමෙන් පමනයි.ජනප්‍රිය පාසලක් පැවතියද ලමුන් ඇතුලත් කරගැනිමට හැකියාව ක් නැත. ප්‍රෂ්නය 2.පානීය ජලය නොමැති වීම

Admin

අංග සම්පූර්ණ පහසුකම් වළින් සමන්විත පාසැල් පද්ධතියක් මේ වන විට අපේ රටේ නැත. එමෙන්ම සම්පත් බෙදී යෑමේ බරපතල විෂමතාවයක්ද දක්නට ඇත. පරිපාලන සහ වෙනත් ගැටළු රැසකින්ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පීඩාවට පත්ව තිබේ. මේ සියළු ගැටළු සහ පවතින අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය අප විද්‍යාත්මක ලෙස හදුනා ගෙන ඇත. එමෙන්ම ඒ සඳහා වන අපගේ විසදුම්ද යෝජනා කර ඇත. 40 ලක්ෂයකට අධික පාසල් දූ දරුවන්ට සමාන අවස්ථාවන් සහ සමාන පහසුකම් ලබා දෙමින් නවීණතම අධ්‍යාපන අවස්ථාවන් විවර කර දිමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පියවර ගනු ඇත. එමෙන්ම එය ගමට ද නගරයට ද එක සමාන වනු ඇත. මේ පිළිබදව වැඩි විස්තර දැන ගැනිමට අවශ්‍යනම් අපගේ වෙබි අඩවියට පිවිස අධ්‍යාපන ප්‍රතිපත්තිය කියවන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. අනෙක් කරුණ වන්නේ පිරිසිදු පානීය ජලයයි. පිරිසිදු පානීය ජලයයි යනු මූලික මිනිස් අයිතියක් ලෙස අපි පිළිගනිමු. ඒ නිසා සැමට සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානිය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම අපගේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා අවශ්‍ය මැදිහත් විම කඩිනමින් සිදු කරනු ඇත.

LiLiyanaarachchilage madusanka

මට දැනගන්න ඕන ජාතික ජන බලවෙගය ආන්ඩුවක් යටතෙ තාවකාලික සෙවයට යටත්ව අවුරුදු ගානක් සෙවය කරන සෙවකයන් වෙනුවෙන් ගන්න විසදුමක් ඔබතුමාලට තියනවද

Admin

ජාතික ජනබලවේගය ඉදිරියේ දී ගොඩනගන ආණ්ඩුව සහ රාජ්‍ය පාලනය නිතැතින්ම මෙරට වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් සහ රාජ්‍ය පාලනයකි. එහිදි ප්‍රමුඛතාවවය ලබා දෙන්නේ මෙරට පිඩාවට පත්ව සිටින වැඩ කරන ජනතාව වෙතය. ඔවුන් පිඩාවට පත්ව සිටින ගැටළු වෙතය. ඒවා කඩිනමින් විසදීම වෙතය. එබැවින් තාවකාලික පදනමින් සෙවයට බඳවා ගෙන ඇති සියළු දෙනාගේ රැකියාවල සුරක්ෂිත බව වහාම ඇති කරනු ඇත. එමෙන්ම ඔවුන්ගේ සේවය වඩා ඵලදායි ලෙසත්, කාර්යක්ෂම ලෙසත් රට ගොඩනගන ජාතික වැඩපිළිවෙළ සමඟ බද්ධ කිරිම ද කටයුතු කරනු ඇත.

Indika Priyankara

මගේ ගැටලුව තමයි හයිවේ යනකොට තියෙන ටෝල් ගේට් එකකට ඇයි ට්‍රෙඩිට් කාඩ් වලින් හරි ATM කාඩ් වලින් හරි ගෙවන්න බැරි ඒ දේවල් හරිගස්සන්න ඕනේ

Admin

කාලීන පැනයක් යොමු කිරිම පිළිබදව පළමුව ස්තූතියි. ස්වයංක්‍රීය ගාස්තු එකතු කිරීමේ පද්ධති අනිවාර්යෙන්ම සියළුම අධිවේගි මාර්ගයකම සවි කිරිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ පියවර ගනු ඇත. රේඩියෝ සංඛ්‍යාත හඳුනාගැනීම් හෙවත් RFID (Radio Frequency Identification ) රීඩර්ස් භාවිතා කර වාහනවල සවි කර ඇති පෙරගෙවුම් පත් කියවීමට සහ අදාළ මුදල ස්වයංක්‍රීයව ඉන් අඩු කිරිමේ මෙම ක්‍රමවේදය ලෝකය පුරා දැනට භාවිතා කරන තාක්ෂණයකි. ජාතික ජනබලවේගය හැම විටම තාක්ෂණය ඔස්සේ ජනතාවගේ කාර්යයන් පහසු කිරිමට කැප වෙන අතර බැංකු හා මූල්‍ය පද්ධතිය වෙත FinTech හදුන්වා දෙනු ඇත. එමගින් පුද්ගලයන්ට හෝ ව්‍යාපාරවලට ඩිජිටල් ලෙස ප්‍රවේශ වීමට, කළමනාකරණය කිරීමට හෝ ඔවුන්ගේ මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හෝ මූල්‍ය ගනුදෙනු ඉතා පහසුවෙන් ඉටු කිරීමට ඉඩ සලසනු ඇත.