Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
මාලින්ද ප්‍රශාද්

ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළට දිරිගන්න්වන්නෙක් වශයෙන් දායක වීමට කැමත්තක් ඇති අයට ඒ සඳහා ඇති අවස්ථා මොනවා ද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ සක්‍රිය ලෙස ජාතික ජනබලවේගය සමඟ කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ලඟම පිහිටි ජාතික ජනබලවේගය විසින් පිහිටුවා ඇති කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වන්න. එම කොට්ඨාශ සභාවේ විධායක සභාව ඔබට අවශ්‍ය මග පෙන්විම සිදු කරනු ඇත.

M.H.Nandana Pushpa Kumara Dissanayaka

ජනතා විමුක්ති පෙරමුණේ සහ මාලිමාවෙහි ව්‍යූහය කෙසේද

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. මාලිමාව යන්නෙන් ඔබ අදහස් කරන්නේ ජාතික ජනබලවේගය යන්න අපගේ අදහසයි. ඒ අනුව මෙම පැහැදිළි කිරීම සිදු කරමු. ජාතික ජනබලවේගය යනු විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ප්‍රගතිශිලී වෙනත් බහුජන සංවිධාන සහ ක්‍රියාකාරිත්වයන්ගේ එකමුතුවකින් සැදුම් ලද පුළුල් බහුජන දේශපාලන ව්‍යාපාරයකි. එය ජාතික පුණරුදයක් බිහිකිරීම ඉලක්ක කර මේ වන විට සක්‍රිය දේශපාලනයේ නිරතව සිටින ක්‍රීයාශිලී දේශපාලන ව්‍යාපාරයකි. ජනතා විමුක්ති පෙරමුණ යනු වෙනම ස්වාධින දේශපාලන පක්ෂයකි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ කොටස්කරුවෙකු වන අතරම ඒ තුළ මේ වන විට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටින දේශපාලන පක්ෂයකි, දේශපාලන ව්‍යාපාරයකි.

P N Malcolm S Silva

2020 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව USD Bn 51 පැහැර හැරියේ කෙසේද සහ ඇයි දැයි උනන්දුවක් දක්වන සහ ප්‍රශ්න කරන කිසිවෙකු සිටීද? කෝ ඒ සල්ලි Is there anyone interested and questioning how and why Sri Lanka defaulted on USD Bn 51 in April 2020? where is it that money? ---- 2016 සිට වියදම්/මූල්‍ය වාර්තාවක් කියවා තේරුම් ගැනීමට පාර්ලිමේන්තුවේ කිසිවකු නොමැති නම් කණගාටුදායකය. The politicians may come and go, but there shall be a powerful audit office, https://www.colombotelegraph.com/index.php/make-the-office-of-auditor-general-the-most-powerful-audit-office/ උපුටා ගැනීම: "දේශපාලකයෝ එන්න යන්න පුළුවන්, නමුත් බලගතු විගණන කාර්යාලයක් තියෙනවා......" රාජ්ය ණය කළමනාකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය - ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විෂය පථය ඉවත් කිරීමට නියමිතය - පිටුව 36 https://drive.google.com/file/d/1pcqpcRzUfsKJhf13gvZEnV5zCaqIWdgh/view?usp=sharing 2018 පෙබරවාරි 4 වැනි දිනැති විගණකාධිපති වාර්තාවේ 4 (39 න් 7) පිටුවේ පැහැදිලිව පෙන්නුම් කරන්නේ රුපියල් ට්‍රිලියන 10.33 ක මුළු ණය සඳහා සිදු කරන ලද කාර්යයේ මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.55 ක් බවයි. http://www.auditorgeneral.gov.lk/web/images/special_report/Public-Debt-Management-finalEnglish.pdf පිටුව 4 (39 න් 7) https://drive.google.com/file/d/1wKI_4gGjPtBDZrF0YgXhe3ayFdCMOJ1f/view?usp=share_link දැනට, සිදු කර ඇති මුළු කාර්යයේ වටිනාකම රුපියල් ට්‍රිලියන 3.00 - 4.00 (ආසන්න වශයෙන්) රුපියල් ට්‍රිලියන 30 හෝ ඊට වැඩි මුළු ණය සඳහා වේ. පහුගිය කාලේ හරි දේශපාලකයෝ හිටියා නම් IMF එකට යන්න ඕන නෑ.

Admin

පළමුව ඔබ විසින් යොමු කර ඇති තොරතුරු වලට ස්තූතියි. එහි දක්වා ඇති කරුණු කෙරෙහි අපගේ විශේෂ අවධානයක් යොමු කර ඇති බව දන්වනු කැමැත්තෙමු. එමෙන්ම අපේ රටේ මේ වන තෙක් සිදුව ඇති දූෂණ වංචා පිළිබදව ප්‍රාමාණික හැදෑරිමක් අප කණ්ඩායම සතුවන අතර ඒ පිළිබදව අපගේ රාජ්‍යය පාලනයක් යටතේ නිසි නිත්‍යානුකූල පියවර ගනු ඇත.

දිනේෂ් රාජපක්ෂ

මන් කැමති නිදහසේ තමන්ගේ මනස චින්තනය හසුරුවන්න පුලුවන් ජිවිතයකට, විශේෂයෙන්ම බුදුරජුන්ගේ ධර්මයට අනුව ජිවත්වෙන්න. එ නිසාමයි පසුගිය කාලෙ ඔබව තොරනොගත්තෙ,නමුත් මගේ තාත්තා ඔබගේ පක්ශය වෙනුවෙන් මුලු ජිවිතයම කැපකරපු අවුරුදු 79 කෙනෙක් එයා අපි හතරදෙනෙක් ගැන නොසිතා jvp එක වෙනුවෙන් කැපවුනා අම්මා තමයි අපිව දුක් විදලා ජිවත් කෙරුවේ. මට මතකයි එකාලේ 89 /90 කලේ ගෙදර 10 /20 ජන්ද කාලේට වැටිලා හිටියා මගේ අම්මා තාත්ත අත්නොහැර එ කරපු කැපකිරිමේ ප්‍රරතිපල අද මුලු රටටම ලැබෙන්නෙ එ ගැන ලොකු සතුටක් තියෙනවා. මන් පැවිදි ජිවිතයක් කාලයක් ගතකරපු කෙනෙක් මන් ජිවිතයට හරිම ආදරය කරපු ආස කරපු කෙනෙක් එත් මගේ ආවාසනාවකට එ ජිවිතය නැතිවුනා. නමුත් මන් තවම ගිහි ගෙදර ඉදන් ධර්මයට අනුව ජිවත්වෙනවා ඔබලා ගැන ලොකු විස්වාසයකින් නැවත ඔබව තොරගත්තෙ,මට දැනට ඉස්තිර රස්සාවක් නැ ,මේ කාලය පුරාවට ඔබේ ජයක්ග්‍රරාහානය වෙනුවෙන් කැපවෙනවා..මගේ තාත්තා බන්දු රාජපක්ෂ බලන්ගොඩ..මන් දැන් ඉන්නෙ ගම්පහ .ඔබට ජය.....

Admin

අප වෙත යොමු කර ඇති ඔබගේ අදහස් වලට ස්තූතියි. ඔබගේ කැපවීම ප්‍රශංශණිය වන අතරම අපව වඩාත් දිරි ගන්වන සුළුය. ඔබගේ කොට්ඨාශයට අයත් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

කේ.එන්. සම්පත් පෙරේරා

අද දින එලිදක්වනලද විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියට හදවතින්ම සුබපතනවා....මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී, විදාතා වැඩසටහනේ දායකත්වය ඉතා වැදගත් වේ . විද්‍යාව හා තාක්ෂණය ගම වෙත සම්ප්‍රේෂණයේදී හා ප්‍රාදේශීය මට්ටමේදී හදුනාගත් ගැටලු ඉහලට යොමුකිරීමේදී මෙම ආයතනික පද්ධතිය වඩාත් සක්‍රීයව දායක කරගත හැකි වේ...විද්‍යා උපාධියක් සහිත විද්‍යා තාක්ෂණ නිලධාරියකු යටතේ පාලනය වේ...සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරනය වන පරිදි විහිදී ඇත. විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය වෙත මෙම පද්ධතියයේ දායකත්වය සම්බන්ධයෙන් පුලුල් කතිකාවක් ඇතිවිය යුතුය. ස්තූතියි

Admin

ඔබ විසින් යොමු කර ඇති අදහස් පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. විද්‍යාව හා තාක්ෂණය ගම වෙත සම්ප්‍රේෂණයේදී හා ප්‍රාදේශීය මට්ටමේ පවතින ගැටළු ඉහලට යොමුකිරීමේදී මෙම ඔබ විසින් යොදා ගන්න යැයි යෝජනා කරන ආයතනික පද්ධතිය වඩා කාර්යක්ෂමව යොදා ගත හැකි ආකාරය පිළිබදව අප අපගේ අවධානය යොමු කරමු. එමෙන්ම මෙම කාර්යය සඳහා ඔබ කියන ආයතනික පද්ධතිය වඩාත් සක්‍රීයව දායක කරගත හැකි ක්‍රමවේදය පිළිබදව ද අපගේ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. ‍