Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
නුවන් සේනාදීර

ලංකාව නැමති වාසනාවන්ත රටේ නිදහසින් පසු රට කරවූ ජඩ පාලකයන්ට පිංසිදු වන්න අන්ත දුක්විදිමින් ජීවත් වෙන්න වෙර දරන පව් කරපු මිනිසුන් ඉන්නා බව මා විශ්වාස කරමි. පවුලක 04 දෙනෙක් සිටියද මේ අදික වර්ශා කාලයේදීත් ඔවුන්ගේ එකම වාහනය මෝටර් බයිසිකලයයි.ඒ ඔවුන්ගේ ඕනෑ කමකට නොව දුප්පත් කමටය..හදිසි අනතුරැවී මියයන අහිංසක ජීවිත අපමණය. මෝටරථ, මෝටර් බයිසිකල් නිපදවන ආයතන වලටත් වඩා ලාබලබන ලංකා රජය දැරිය නොහැකි ලෙස බදු බරක් පටවා රටේ මහජනතාවට සතුටින් ජීවත් වීමට තියන අයිතිය උදුරාගන ඇත. ඔබ පක්ශයේ අඩු මුදලට මෝටරථයක් ලබාගැනීමට මිනිසුන්ට ඇති අයිතිය පිලිගන්නවාද ? ඒ සදහා ඇති ප්‍රතිපත්තිය කුමක්ද ? ස්තූතියි

Admin

ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ අරමුණ වන්නේ සැමට සාධාරණය ඉටු වෙන පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ගොඩනැගීමයි. ඒ වෙනු වෙන් අපගේ ජනාධිපතිවරයෙක් යටතේ කටයුතු කරනු ඇත. ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු පිළිබඳව අප හොඳ අවබෝධයෙන් සිටී. සුවපහසු ජීවිතයක් ඔවුන් වෙනුවෙන් ගාඩ නැගිමට අප කටයුතු කරමු. එමෙන්ම ඔබගේ මෙම යොමු කිරීම ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත ද යොමු කර ඇත. ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Bandula sri warnakula

මා ගුරුවරයෙක් එසේම ජා.ජ.බලවේගයේ ක්‍රියාකාරිකයෙක්.(වාරියපොල ,දීගිතව ).මා උපාධිධාරී සංගමයේ වාරියපොල නියෝජනය .මාගේ සංගමයේ පාසල් වල සේවය කරන සංවර්ධන නිලධාරින් රාශියක් සිටින අතර ,රජය විසින් එසේ අනුයුක්ත කල දැනට අවුරුදු 45 ඉක්මවූ අය හැර අනෙක් අය ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීමට සූදානම් අතර එම හේතුවෙන් ඉහත වයස් සීමව 45 ඉක්මවූ 120ආසන්න්න දීපව්‍යප්ත සංඛ්‍යාව කට අවස්තාව නොලැබෙන තත්වයක් නිර්මාණය වී ඇත .බදවාගැනීමේදී මෙම ගැටලුව පැන නොනැගි අතර එකම දිනක් බදවා ගත නිලධාරීන් ට දෙවිදියකට සැලකීමකි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යේද නඩුවක් විභාග වේ. මා හට දැනගැනීමට අවශ්‍ය වන්නෙ අප පාලනයක් තුල මේ බදවාගත් පාසල් සංවර්ධන නිලධාරීන් සියලු දෙනා පරීක්ෂණ යකට භාජනය කිරීමෙන් පසු ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරනවද? 2.ඔවුන් ට වෙනත් වැඩපිළිවෙළක් තිබේද? තවද මේ පිලිබද ස.ජ්.බ අපේක්ශකායා සියලු සංවර්ධන නිලධාරීන් අන්තර්ග්‍රහනය කරන බව පවසමින් zoom තාක්ෂණය මගින් අප පාලනයක් තුල මෙය නොවිසදන බවත් එම නිලධාරීන් ආයතන ගත කරන බවටත් බොරු ප්‍රචාරයක් ගෙනයයි.මේ සදාහා විස්වාස නීය තොරතුරු මා සතුව ඇත . එම නිසා මා ඉල්ල සිටින්නෙ දැනට පාසල් වල ගුරු කාර්‍යායේ යෙදෙන එම නිලධාරීන් සියලු දෙනා ගුරු සේවයට බදවා ගන්න බවට පිලිගත හැකි නිවේදනය කි.අප කෙසේ කිවත් තම රැකියා ව අහිමි කර ගැනීමට ඇති බිය නිසා ඔවුන් සජිත් වටා පෙල ගැසෙමින් පැවතීම අපට විශාල අවාසියකි. මෙය අප කලාප හා දිස්ත්‍රික් සහෝදරයා මගින්ද දැනුවත් කල අතර එයට පිළිතුරු ප්‍ර්මාද වේ යැයි සිතා මෙය යොමු කරමි. මෙයට විස්වාසි බන්දුල ස්‍රී npp දීගිතව වසම

Admin

ඔබගේ දීර්ඝ අදහස් දැක්වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය පාසල් වල සේවය කරන සංවර්ධන නිලධාරින් ගේ මෙම ගැටළුව පිළිබඳව අවබෝධයෙන් සිටී. එමෙන්ම ඔබගේ මෙම යොමු කිරීම ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත ද යොමු කර ඇත. ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Dona Paranagama

ශ්‍රී ලංකා වේ වනා න්තර, වනජීවීන් සහ අලි ඇතුන් සංරක්ෂණය සහ අලි-මිනිස් ගැ ටුම අවම කිරීම සඳහා වන පා රිසරික ප්‍රතිපත්තිය ඇතුලත් කිරීමට යෝ ජනා කරන ප්‍රතිපත්ති මා ලා ව: 1. වන අලි ඇතුන් වෙසෙන රජයේ ඉඩම් කෘ ෂිකාර්මික සහ සංවර්ධන කටයුතු සඳහා අනිසි ලෙස යො දා ගැ නීම හේතුවෙන් අලි-මිනිස් ගැ ටුම් වැ ඩිවී ඇති හෙයින් මින් ඉදිරියට අලින් ගැ වසෙන රජයේ ඉඩම් කෘ ෂිකා ර්මික හෝ සං වර්ධන කටයුතු සඳහා වෙන් නො කිරීම සහ ඒවා යේ අනවසර පදිංචි වීමේ කටයුතු නතර කිරීම 2. මෙම ඉඩම් වන අලි සංරක්ෂණ කලා ප ලෙස ප්‍රකා ශයට පත් කො ට වනජීවී සංචා රක කර්මා න්තය හරහා වැ ඩි ඵලදා යීතා වයක් ජා තික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කිරීම 3. අලි වෙසෙන රජයේ ඉඩම් අසම්මත සහ ඵලදා යී නො වන ලෙස වෙනත් කා ර්යයන් සඳහා යො දා ගැ නීම නිසා අලි-මිනිස් ගැ ටුම වැ ඩිවී ඇති හෙයින් එය අවම කිරීමට එසේ වෙන් කළ ආර්ථික ඵලදා යීතා වයක් නො මැති ඉඩම් වනජීවී සංරක්ෂණය සඳහා නැ වත වෙන් කිරීම. 4. වනජීවී රක්ෂිත ප්‍රදේශවල ප්‍රේරණ කලා ප තවදුරටත් පුළුල් කර ආරක්ෂා කිරීම 5. අලි-මිනිස් ගැ ටුම අවම කිරීමට පියවරක් ලෙස, රක්ෂිත ප්‍රදේශවල අලින් සඳහා සුදුසු ශා ක වර්ග ව්‍යා ප්ත කිරීම සහ එම රක්ෂිතවල සහ ප්‍රේරණ කලා ප තුළ ආක්‍රමණික විජා තීය ශා ක හා සතුන් ඉවත් කිරීම සඳහා පියවර ගැනීම 6. අලි-මිනිස් ගැටුම අවම කිරීමට පියවරක් ලෙස වන අලි මංපෙත් ඇති කිරීම හරහා විවිධ වනා න්තර ප්‍රදේශ අතර සම්බන්ධතා වය වැ ඩි දියුණු කිරීම සහ පහත සඳහන් ජා තික උද්‍යා න සහ රක්ෂිත ප්‍රදේශ අලි පිවිසුම් මා ර්ග (elephant corridors) ලෙස සම්බන්ධ කිරීම: උඩවලව, ලුණුගම්වෙහෙර, බුන්දල, යා ල, කුමන, ගල් ඔය, මා දුරු ඔය, වස්ගමුව, ජලගැ ලුම් නිම්නය, අංගමැ ඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල, සීගිරිය, කහල්ල-පල්ලේකැ ලේ, තබ්බෝ ව, විල්පත්තු, සෝ මා වතිය, සහ පදවිය. එම හඳුනාගත් වන පිවිසුම් මිනිස් ක්‍රියා කා රකම් අවම කරමින් පවත්වා ගැ නීමටත්, ඒවා ට අවශ්‍ය නීතිමය ආවරණයන් ගෙන ඒම 7. ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයට ක්‍රියා ශීලීව කටයුතු කිරීම සඳහා බලය ලබා දෙමින් වනජීවී දෙපා ර්තමේන්තුවට සහා ය වීමට විශේෂ කා ර්ය බලකා යක් ස්ථා පිත කිරීම සහ ඒ සදහා අවශ්‍ය නීතිමය නියමයන් සකස් කිරීම 8. අලි ඝාතනය සහ ඔවුනට හා නි කිරීම සඳහා භා විතා වන "හක්ක පටස්", කම්බි මදු, බඳින තුවක්කු, ගිනි අවි සහ සජීව විදුලිය භා විතය නතර කිරීමට දැඩි පියවර ගැ නීම සහ එවැ නි කෲ ර ලෙස අලි ඇතුන් ඝා තනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියා මා ර්ග ගැනීම 9. වනජීවී සංරක්ෂණයට සහ ආර්ථික වර්ධනයට එකවර දා යක වන තිරසා ර සංචා රක කර්මා න්තය ප්‍රවර්ධනය කිරීම 10. වනා න්තර විනා ශ කරමින් ඉඩම් නො මිලේ බෙදා දීම සහ වනාන්තර විනා ශකා රී සංවර්ධන කටයුතු පරිසර අපරා ධ සහ වනජීවීන්ට ඇති විනා ශය තවත් වැ ඩි කරයි. ඉඩම් නො මිලේ බෙදා දීම සහ වනා න්තර විනා ශකා රී සංවර්ධන කටයුතු නතර කිරීම 11. සංචා රක ආකර්ශනයට ලක්ව වනජීවී සංචා රක කර්මා න්තය හරහා ජාතික ආර්ථිකයට දා යකත්වයක් දක්වන අලි ඇතුන්, දිවියන්, වලසුන්, සහ තල්මසුන් ජෛව විද්‍යාත්මක හා ආර්ථිකමය වැ දගත්කමක් සහිත වනජීවීන් ලෙස නම් කර ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය රා මුවක් ස්ථා පිත කිරීම

Admin

ඔබගේ දීර්ඝ අදහස් දැක්වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාරිසරික ප්‍රතිපත්තිය ඉදිරි දින කිහිපය තුළ එළි දැක්වීමට කටයුතු යොදා ඇති අතර ඔබගේ අදහස් යෝජනා පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. එමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්.... නමින් අපගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පසුගිය 26 වැනි දා රටට එළි දක්වන ලදි. එහිද ඔබ පෙන්වා දි ඇති වන ජිවී සංරක්ෂනය සහ ආශ්‍රීත කරුණු දක්වා තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස ඔබට මෙම ප්‍රතිපත්ති පරිශිලනය කළ හැකිය.  ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න. https://www.npp.lk/si/policies ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

උපුල් තරංග සම්පත් සමරසිංහ

අන්තාර්ජාලය හරහා සිදු කරන ව්‍යපරික කටයුතු සදහා ලබාදෙන දනාත්මක බලපෑම්ම කෙසේද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති අන්තර් ජාල වෙළඳාම පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්.... නමින් අපගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පසුගිය 26 වැනි දා රටට එළි දක්වන ලදි. එහිද ඔබ පෙන්වා දි ඇති ක්ෂේත්‍රය ආශ්‍රීත කරුණු දක්වා තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස ඔබට මෙම ප්‍රතිපත්ති පරිශිලනය කළ හැකිය.  ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න. https://www.npp.lk/si/policies ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Amara Paranagama

ශ්‍රී ලංකාවේ වනාන්තර, වනජීවීන් සහ අලි ඇතුන් බේරා ගැනීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමට පියවරක් ලෙස සඳහා පහත පාරිසරික ප්‍රතිපත්ති ඇතුලත් කිරීමට යෝජනා කරමි: 1. වන අලි ඇතුන් වෙසෙන රජයේ ඉඩම් කෘෂිකාර්මික සහ සංවර්ධන කටයුතු සඳහා අනිසි ලෙස යොදා ගැනීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් වැඩිවී ඇති හෙයින් මින් ඉදිරියට අලින් ගැවසෙන රජයේ ඉඩම් කෘෂිකාර්මික හෝ සංවර්ධන කටයුතු සඳහා වෙන් නොකිරීම සහ ඒවායේ අනවසර පදිංචි වීමේ කටයුතු නතර කිරීම 2. මෙම ඉඩම් වන අලි සංරක්ෂණ කලාප ලෙස ප්‍රකාශයට පත් කොට වනජීවී සංචාරක කර්මාන්තය හරහා වැඩි ඵලදායීතාවයක් ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කිරීම 3. අලි වෙසෙන රජයේ ඉඩම් අසම්මත සහ ඵලදායී නොවන ලෙස වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම නිසා අලි-මිනිස් ගැටුම වැඩිවී ඇති හෙයින් එය අවම කිරීමට එසේ වෙන් කළ ආර්ථික ඵලදායීතා වයක් නොමැති ඉඩම් වනජීවී සංරක්ෂණය සඳහා නැවත වෙන් කිරීම. 4. වනජීවී රක්ෂිත ප්‍රදේශවල ප්‍රේරණ කලාප තවදුරටත් පුළුල් කර ආරක්ෂා කිරීම 5. අලි-මිනිස් ගැටුම අවම කිරීමට පියවරක් ලෙස, රක්ෂිත ප්‍රදේශවල අලින් සඳහා සුදුසු ශාක වර්ග ව්‍යාප්ත කිරීම සහ එම රක්ෂිතවල සහ ප්‍රේරණ කලාප තුළ ආක්‍රමණික විජාතීය ශාක හා සතුන් ඉවත් කිරීම සඳහා පියවර ගැනීම 6. අලි-මිනිස් ගැටුම අවම කිරීමට පියවරක් ලෙස වන අලි මංපෙත් ඇති කිරීම හරහා විවිධ වනා න්තර ප්‍රදේශ අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ පහත සඳහන් ජාතික උද්‍යාන සහ රක්ෂිත ප්‍රදේශ අලි පිවිසුම් මාර්ග (elephant corridors) ලෙස සම්බන්ධ කිරීම: උඩවලව, ලුණුගම්වෙහෙර, බුන්දල, යාල, කුමන, ගල් ඔය, මාදුරු ඔය, වස්ගමුව, ජලගැලුම් නිම්නය, අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල, සීගිරිය, කහල්ල-පල්ලේකැලේ, තබ්බෝව, විල්පත්තු, සෝමාවතිය, සහ පදවිය. එම හඳුනාගත් වන පිවිසුම් මිනිස් ක්‍රියා කාරකම් අවම කරමින් පවත්වා ගැනීමටත්, ඒවාට අවශ්‍ය නීතිමය ආවරණයන් ගෙන ඒම 7. ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයට ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා බලය ලබා දෙමින් වනජීවී දෙපාර්තමේන්තුවට සහාය වීමට විශේෂ කාර්ය බලකායක් ස්ථාපිත කිරීම සහ ඒ සදහා අවශ්‍ය නීතිමය නියමයන් සකස් කිරීම 8. අලි ඝාතනය සහ ඔවුනට හානි කිරීම සඳහා භාවිතා වන "හක්ක පටස්", කම්බි මදු, බඳින තුවක්කු, ගිනි අවි සහ සජීව විදුලිය භාවිතය නතර කිරීමට දැඩි පියවර ගැනීම සහ එවැනි කෲර ලෙස අලි ඇතුන් ඝාතනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීම 9. වනජීවී සංරක්ෂණයට සහ ආර්ථික වර්ධනයට එකවර දායක වන තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම 10. වනා න්තර විනාශ කරමින් ඉඩම් නොමිලේ බෙදාදීම සහ වනාන්තර විනාශකාරී සංවර්ධන කටයුතු පරිසර අපරාධ සහ වනජීවීන්ට ඇති විනාශය තවත් වැඩි කරයි. ඉඩම් නොමිලේ බෙදාදීම සහ වනාන්තර විනාශකාරී සංවර්ධන කටයුතු නතර කිරීම 11. සංචාරක ආකර්ශනයට ලක්ව වනජීවී සංචාරක කර්මාන්තය හරහා ජාතික ආර්ථිකයට දා යකත්වයක් දක්වන අලි ඇතුන්, දිවියන්, වලසුන්, සහ තල්මසුන් ජෛව විද්‍යාත්මක හා ආර්ථිකමය වැදගත්කමක් සහිත වනජීවීන් ලෙස නම් කර ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය රා මුවක් ස්ථාපිත කිරීම

Admin

ඔබගේ දීර්ඝ කරුණු දැක්විම සහ අදහස් අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාරිසරික ප්‍රතිපත්තිය ඉදිරි දින කිහිපය තුළ එළි දැක්වීමට කටයුතු යොදා ඇති අතර ඔබගේ අදහස් යෝජනා පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. එමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්.... නමින් අපගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පසුගිය 26 වැනි දා රටට එළි දක්වන ලදි. එහිද ඔබ පෙන්වා දි ඇති වන ජිවී සංරක්ෂනය සහ ආශ්‍රීත කරුණු දක්වා තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස ඔබට මෙම ප්‍රතිපත්ති පරිශිලනය කළ හැකිය. ඒ සදහා පහත සබැඳිය භාවිතා කරන්න. https://www.npp.lk/si/policies ඔබගේ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.