Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Udaya Ranasinghe Seneviratne

How can we protect competitive merit base education in undergraduate as well as postgraduate level using merit based examinations?

Admin

Thank you for your inquiry. An NPP government will be dedicated to enhancing our university education system, ensuring that the competitive, merit-based approach remains uncompromised. Best regards

රසික

සභාවක් යන්න අර්ථ දක්වන්න.

Admin

ඔබගේ විමසීමට බෙහෙවින් ස්තූතියි. ජාතික ජන බලවේගයේ කොට්ඨාශ සභාවක් යනු, පක්ෂයේ ප්‍රදේශීය මට්ටමේ නියෝජිතයින් සහ සාමාජිකයින්ගේ සමූහයක් වන අතර, එය පක්ෂයේ ප්‍රතිපත්ති, වැඩසටහන්, සහ ප්‍රදේශීය ගැටළු පිළිබඳව කටයුතු කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම සභාව, ප්‍රදේශීය ජනතාවගේ අවශ්‍යතා සහ අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එමඟින්, ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සහ ප්‍රජා සම්බන්ධතා වර්ධනය කිරීමට උපකාරී වේ. ස්තූතියි

Amila

අඩු කරන බදු නැවත අය කරගන්නේ කෙසේද ?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා මත පනවා ඇති බදු ඉවත් කිරීමෙන් අහිමි වන බදු ආදායම් විකල්ප ආදායම් මාර්ග ඔස්සේ සම්පාදනය කර ගැනීම සඳහා වන නිෂ්චිත වැඩපිළිවෙළක් අප සතුව ඇත. විශේෂයෙන් දූෂණය වංචා පිටුදැකිම, අය විය යුතු බදු මුදල් වහාම අය කර ගැනීම, බදු අය කර ගැනීම වඩා කාර්යක්ෂම සහ වේගවත් කිරීම, විකල්ප රාජ්‍ය ආදායම් මාර්ග වෙත කඩිනිමින් යොමු වීම සහ අනවශ්‍ය වියදම් කපා හැරීම මෙම වැඩපිළිවෙළට ඇතුලත්ය. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

JMR Prasanna

අනුර කුමාර සහෝදරයා ඇතුළු මාලිමාව පක්ෂයේ අනන්‍යතාවය, භාවිතය, අරමුණු පිළිබද ස්වයං ගවේශනයක මෑත කලෙක යොමු වුවා කිවහොත් නිවැරදියි. ඇත්ත වශයෙන් ඔබ ඇතුළු පක්ෂය, දේශපාලනය ඇතුළුව සියළුම පැතිකඩ සියුම් ලෙස අධ්‍යනය කර, රටේ පවතින බොහෝ ප්‍රශ්න වලට මුලික වන පැතිකඩ යන් සියුම් ලෙස අධ්‍යනය කර ඔබ හා පක්ෂය ඔබලාගේ පාලනයකදී ගනු ලබන තීන්දු හා තීරණ පිළිබද ප්‍රකාශයන් පිළිබද ඇති දැඩි ස්වභාවය අගය කරනු ලබනවා. එයයි අප බලාපොරොත්තු වන වෙනස. "සැමටම එක රටක් එක නීතියක්" එය වේවි රටේ සිටින සුවහසක් තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තුව. ඔබ‍ට සහ පක්ෂයට ජය......! 'අප සැවොම දේශපාලන සත්වයන් වුවද. මගේ දෙමවුපියන්ගේ දේශපාලන බාවිතය මගේ දේශපාලන බාවිතය නොවනු ඇත. මගේ දේශපාලන බාවිතය අපගේ දරුවන්ගේ අනාගතයයි. ඔබලගේත් දේශපාලන බාවිතය එය වීම සතුටක්. නියත ජය ලැබේවා.....! 'මාලිමාවට කෝටියක් මනාප.''

Admin

ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ අදහස් අපව තවදුරටත් දිරිගන්වන සුළුය. පොහෛාසත් රටක්....ලස්සන ජීවිතයක්...ගොඩ නැගීම අරමුණූ කරගනිමින් අප විසින් සිදු කරන මෙම කාර්යභාරය වෙනුවෙන් ඔබ විසින් ද සිදු කරන කැප කිරීම් අගය කර සළකමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

යෝෂිත බුලත්සිoහල

විසිතුරු මත්ස්‍ය ක්ශේත්‍රය පිළිබද ඔබලාගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න..

Admin

ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දී ඇති විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාල කරුණ පිළිබදව අපි අපගේ අවධානය මේ වන විටත් යොමු කර ඇත. පරිසර හිතකාමී ආකාරයෙන් මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම, ප්‍රදේශීය ජනතාවට ආදායම් ලබා දීම, නවීන තාක්ෂණයන් භාවිතා කිරීම සහ කාර්ය මණ්ඩලයට පුහුණු සැපයීම යන මූලික කරුණු ඔස්සේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාලව අපගේ ප්‍රතිපත්ති සැකසී ඇත. පොහොසත් රටක්...ලස්සන ජීවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පරීශිලනය කිරිමෙන් ඔබට මේ පිළිබඳව වැඩි දුරටත් තොරතුරු ලබා ගත හැකිය. ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න. https://www.npp.lk/si/policies එමෙන්ම අපගේ NPP You Tube චැනලය වෙත පිවිස එහි ඇති විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාල විශේෂඥ කරුණු දැක්වීම් පිළිබදව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.