Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
මනොජ් ජයවීර

වත්මන් ශ්‍රී ලංකාවෙ සෑම තරුණයෙකුගෙම ඇති සිහිනයක් තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක. පහුගිය සියලුම පැවති රජයන් මගෙ දැනුමෙ හැටියට අත්තනෝමතික විදිහට බදු ගහල අසාදාරන ලෙස වාහන වල මිල ඉහල දැමුවා. ඔබලාගෙ රජයක් යටතේ ඊට සහනයක් ලබා ගත හැකිද?. ඒ සදහා වැඩපිලිවෙලක් තියනවද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් හැමෝටම උරුම කර දීම ජාතික ජනබලවේගයේ ප්‍රධානම අරමුණයි. එහිදී සෑම පුද්ගලයෙකුටම යහපත් ජිවිතයක් පිළිබඳව ඇති සිහිනය සැබෑ කර දිම සඳහා අවශ්‍ය සියළු පහසුකම් සැළසීම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ රාජ්‍ය පාලනයක් යටතේ අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇත. ස්තූතියි

Viraj Rodrigo

ඔබගේ රජයක් යටතේ, රජයේ සතු දේපල/ වත්කම්/ පරිපාලන ආයතන කිසිවක් විකිණීමට/ බදු දීමට සිදු නොවන බවට සහතිකයක් දිය හැකිද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ශ්‍රි ලාංකික හැමෝටම උරුම කර දීම ජාතික ජනබලවේගයේ ප්‍රධානම අරමුණයි. මේ අරමුණ සාක්ෂාත් කර ගැනිම සඳහා අවශ්‍ය කටයුතු අපගේ පාලනයක් යටතේ කඩිනමින් අප විසින් ඉටු කරනු ඇත. මෙහිදී ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාව අතින් ඉතාම වැදගත් අත්‍යාවශ්‍ය මර්මස්ථාන, රජයේ සතු දේපල, වත්කම්, පරිපාලන ආයතන වැනි දෑ නිෂ්චිත ලෙසම රාජ්‍ය අයිතිය යටතේ තබා ගනු ඇත. 

ස්තූතියි

G.A.Pathum Suranga

ඔබගේ පාර්ලිමේන්තුවේ අනාගතයේ සිටින මහජන නියෝජිතයන් ගණන කීයද ?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙහිදී දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රකාරව මූලික අදියරේදී කටයුතු කිරීමට සිදු වනු ඇත. දෙවැනිව නිෂ්චිත ලෙසම පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදහස් කරන අතර එහිදී පාර්ලිමේන්තුවේ සිටිය යුතු නියෝජිතයින් ගණන විද්‍යානුකූල පදනමකින් තීරණය කරනු ඇත.

ස්තූතිය

J M D Jayawardane

All TV channels are doing full time election campaign for Ranil and Sajith using tax money, it is a crime, reasonable air time should be allocated for AKD s publicity. It is a duty of Media institutions. NPP must intervene to stop misusing Media by government.

Admin

Thank you for your concern. We are fully aware of this issue, and your suggestions will be forwarded to our Research & Development team. However, the NPP doesn't rely solely on the media to communicate our messages to the public. We believe that our direct approach—engaging with people through rallies, public meetings, and gatherings—remains our most effective communication strategy. Thank you.

රසික සෝමරත්න

කොට්ඨාස සභාවක් යනු කුමක්ද

Admin

ඔබගේ විමසීමට ස්තූතියි. කොට්ඨාශ සභාවක් යනු ජාතික ජන බලවේගය ආසන මට්ටමේ ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ගම් මට්ටමේ සමාජ නායකත්වය ඇතුලත් කර පක්ෂයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ගොඩනගා ඇති සංවිධාන ව්‍යුහයයි. ස්තූතියි