Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
udaya

Hello Guys Good day to you Now NSB bank Also asking a Mobile number and OTP is not received in UAE number. Why cant they use email and mobile and authenticator app etc......??? විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණ..?? ගල් යුගයෙන් AI යුගයට ලංකාව එන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එනකම්ම ඉන්න වේවිද?? Why SL banks cannot implement BLOCKCHAIN. @⁨Chathuranga Abeysinghe NPP EXPERTS⁩ @⁨Ishara NPP⁩ @⁨CAG⁩ @⁨Niro⁩ @⁨Waditha⁩ @⁨Rohan⁩ අනුරට කියන්න ප්ලීස් .. මම Ask Anura එකේ මේ පිළිබදව යැව්වා. ස්තූතියි සුභ දවසක් හැමෝටම.- Udaya northern Emir

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති ගෙවිම් ද්වාර ප්‍රශ්නය සහ විදේශ ශ්‍රමිකයින් මුහුණ දෙන විවිධ ගැටළූ පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමුව තිබේ. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

MP Prabash Manushika Jeewantha

Freelancer කෙනෙක් සහ webstore එකක් කරන්න බලාපොරොත්තු වන කෙනෙක් විදිහට paypal වගේ Payment Getway එකක් නැති එක ලොකු දුෂ්කරතාවයක් වෙනවා ,මාලිමා ආණ්ඩුවක් තුලින් හැකි ඉක්මනින් මේ ප්‍රශ්ණය විසදලා දෙනවනම් ගොඩක් වටිනවා සහ තවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවල ඇති විශාල ගැටලු එනම් අධික මිල ගනන් අයන්කිරීම සහ කිසි ලෙසකවත් සෑහිමකට පත් නොවියහැකි අකාර්යක්ෂම අන්තර්ජාල සැපයුමක් පැවතීම,මාලිමා ආණ්ඩුවක් යටතේ මෙන ප්‍රශ්ණ දෙකට කඩිනම් විසදුමක් ලබා දීමට හැකි වේ යැයි මේ ශේෂ්ත්‍රය ආශ්‍රීතව වැඩ කටයුතු කරන කෙනෙක් ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා....මාලිමාවට ජය. ...

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති ගෙවිම් ද්වාර ප්‍රශ්නය සහ අන්තර්ජාල වේගය සහ අධික මිල පිළිබදව වන ගැටළු වෙත අපගේ විශේෂ අවධානයක් යොමුව තිබේ. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Malitha Dissanayake

1 චිනයෙන් ආනයන කරන අත්‍යව්‍ය නොවන භාණ්ඩ පිළිබදව ප්‍රතිපත්තිය කුමක්ද. කුඩා ඉලෙක්ට්‍රොනික උපරකරණ Radios, smartwatches, toys වැනි. 2 දැනට තිබෙන පෞද්ගලික පාසල් ගැන සහ දරුවන් පෞද්ගලික පාසල් වෙත යොමුකිරීම පිලිබදව NPP ආණ්ඩුවක්ගේ යටතේ ඉදිරි දැක්ම කුමක්ද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 99 වැනි පිටුවේ ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයක්...පොහෙසෙත් රටක් ... මැයෙන් ආනායන අපනයන ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 108 වැනි පිටුව තුළ විදේශ වෙළඳාමට අදාල අපගේ වැඩපිළිවෙළ පැහැදිළිව දක්වා ඇත. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ආනයන ප්‍රතිපත්තිය මෙන්ම අපනයන ආදායම් පුළුල් කරන වැඩපිළිවෙළද ඊට ඇතුලත් වේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

W P G JITHMAL MADHURANGA

වර්තමානයෙ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස සූර්ය පැනලයක් මිලදී ගැනීමට නැති තරම්(සාධාරණ මිලකට හා ප්‍රමිතියකින් යුතු). මේ සදහා ඔබ රජයක් යටතේ ජනතාව වෙනූවෙන් ගනු ලඛන ක්‍රියා මාර්ග හා පිලියම් මෙන්ම, සහන මොනවාද? මෙලෙස බලශක්තිය ප්‍රවර්ධනය ලෙහෙසියෙන් වර්ධනය කල හැකි සුර්ය පැනල හා ඒ ආශ්‍රිත භාණ්ඩ සදහා සහන සැලසීම හා සුලබ කිරීම ගැන සදහන් නොකරන්නේ එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් නොවනවා යැයි සිතන නිසාද? පැහැදිලිව නිවැරදි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.. 🙂👍❤️

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 162 වැනි පිටුවේ සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක්...තිරසර විනිමය ප්‍රභවයක්... මැයෙන් බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 165 වැනි පිටුව තුළ පුණර්ජනණිය බලශක්ති ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත අපගේ වැඩපිළිවෙළ දක්වා ඇත. සුර්ය බලය මගින් මෙගාවොට් 2000 ක විදුලි බලයක් ක්‍රමිකව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමට අප අදහස් කර තිබෙන අතර එහිදි ගෘහස්ථ සූර්ය බල උපාදනය සඳහා ඉහළ බර තැබීමක් සිදු කරනු ඇත. සාමාන්‍ය ජනතාවට මෙම උපකරණ ලබාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් අපගේ ආණුඩුවක් යටතේ සකස්කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Kasun sankalpa

ලංකාවේ රජයේ රෝහල් වල නේවාසික වාට්ටු වල ස්වභාවය ප්‍රශ්න කාරී වේ. ඇදන් ගැටලු, වැසිකිලි වල තත්වය හා භාරකරු නොමැති රෝගීන් තත්වය ඉතා කනගාටුදායකය. පසුගිය ආණ්ඩු මගින් ඒ සදහා ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොමැත. තවද භාරකරු නොමැති නම් රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කිරීමට මැළි නමක් දක්වයි. මේ සදහා ඔබගේ ක්‍රියා මාර්ග සහ ප්‍රතිපත්තිය කවරෙක්දැයි ගෞරව පූර්වකව අසමි.

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 20 වැනි පිටුවේ සිට ඉදිරියට නිරෝගි ජිවිතයක්.....සෞඛ්‍ය සම්පන්න ජනතාවක්... මැයෙන් අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ සමස්ථ සෞඛ්‍ය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට සුව පහසු ගුණතේමක සහ ප්‍රමාණාත්මක සෞඛ්‍ය සඳහා වන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.