Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Samson Gunathilaka

what have you done as a minister?

Admin

Thank you for your inquiry. Anura Kumara Dissanayake was the only Agriculture Minister to implement a systematic approach across the entire agricultural sector. He began with a comprehensive problem analysis and implemented solutions before leaving the government. His 10,000 tank rehabilitation project was aimed at ensuring water supply to the dry zone. During his tenure, he appointed no political figures to lead institutions under his purview, and by the time he left the ministry, all previously loss-making institutions were turned into profitable ones.

Best regards!

වරුණ ප්‍රසාද්

ඔබ තුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ රටේ තියන විෂ සහිත ආහාර සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?? උදාහරණයක් විදිහට කිරිපිටි, Coke,බිස්කට් වර්ග විවිධ නූඩ්ල්ස් වර්ග, යෝගට්, සොසේජස්, ajinamoto,සුප් කැට, මේ හැම කෑමක් ම උග්‍ර පිළිකා කාරක ඉතින් මේ වට ගන්න ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා ද අද පාලනාධිකාරිය ඇස් කන් පියන් බලන් ඉන්නවා මට කනගාටුවක් තියෙන්නේ මේ ගැන. ලොකු පිළිතුරක් බලන් ඉන්නවා. මගේ ඡන්දයට මේ පිළිතුර ලොකු බලපෑමක් කරනවා.....

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 20 වැනි පිටුවේ නිරෝගී ජිවිතයක්.....සෞඛ්‍ය සම්පන්න ජනතාවක් .... මැයෙන් යහපත් සෞඛ්‍යක් සහ ආහාර රටාවක් ගොඩනැගීමට අදාල වන අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එහි ඔබ විසින් මතු කර තිබෙන ගැටළූවට අපගේ විසඳුම් යෝජනා කර ඇත. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය.

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Malith Dilshan

කොරියන් විභාග ශාලාවක් දැන් අවුරුදු 8 තිස්සේ ඉදිකරමින් පවතී එය ඔබගේ ආණ්ඩුවකින් ඉදිකර අවසන් කිරීමට කටයුතු කරනවද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කොරියන් විභාග ශාලාව පිළිබඳව වන ගැටළුව කෙරෙහි අපගේ විශේෂ අවධානයක් යොමුව ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළුව විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Roshan Nanayakkara

කලක පටන් සෑම පුරපසලොස්වක දිනකම යාපනයේ තිස්ස විහාරය ඉදිරිපිට එය ඉවත්කර ගන්නා ලෙස බලකරමින් දෙමළ දේශපාලන පක්ශයක කිහිප දෙනෙක් උද්ගෝශන කරයි ආගම් අතර අසමගිය ඇති නොවීමටත් මෙවැනි විහාර රැක ගැනීමටත් ගන්නා පියවර කුමක්ද?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතිකත්වයන් අතර වන දුරස්වීම් අවම කර ජාතික සමගිය ඇති කිරීම ජාතික ජනබලවේගයේ ඒකායන අරමුණයි. ඔබ විසින් පෙන්වා දී ඇති ගැටළුව දෙස අප අවධානය යොමු කරන්නේද මෙම පදනම තුළ පිහිටායි. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 228 වැනි පිටුවේ ශ්‍රී ලාංකේය ජාතියක්.....විශ්විය පුරවැසියෙක් .... මැයෙන් ජාතික සමගිය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය.

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

පත්මසිරි ලොකුගේ

මේ වනවිට ලංකාවේ කිරි නිෂ්පාදනය කොපමණ ද?.

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2022 වසරේදී මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 506 කි. නැවුම් කිරි නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීමට ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ නොපමාව කටයුතු කරනු ඇත. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 117 වැනි පිටුවේ ගුණාත්මක පශු නිෂ්පාදනයක්...ව්‍යවසායකත්ව ප්‍රවේශයක් .... මැයෙන් පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය.

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies 

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.