Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Senaka B. Sakalasooriya

FB එකේ පෝස්ට් එකක් තියනවා අවසන් පෙරහැර මෙයයි. මාලිමාව ආවාහම අලින්ට විලංගු දාලා කරන දලදා පෙරහැර නවත්වනවා කියලා. මේ ගැන ඔබලා දැනටමත් දන්නවා ඇති. නමුත් මේක ගොඩක් සංවේදී තැනක් නිසා මඩ පෝස්ටර් කියලා නොසලකා හරින්නේ නැතිව එය counter කිරීමට පියවරක් ගන්නා ලෙස ඉතා ලෙන්ගතුව ඉල්ලා සිටිමි. විශ්ලේෂනය කරලා තේරුම් ගන්න තරම් හැමෝම බුද්ධිමත් නැහැ. හැගීම් බරයි.

Admin

ජාතික ජන බලවේගයේ වැඩපිලිවෙළ හමුවේ ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙමින් යන ආණ්ඩුව සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් විශාල අවලාද ව්‍යාපාරයක් ගෙනයමින් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇත. ඔබ සඳහන් කර තිබෙන fb පෝස්ටුවද එවැන්නක් බව පැහැදිලිය. මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන් පිලිබදව දැනුවත් වීමට පහත fb පිටුව පරිශීලනය කරන්න. ඔබට එසේ හමුවන ප්‍රචරයන් පිලිබදව අපව දැනුවත් කරන්න. ස්තූතියි. 

රනිල් - රාජපක්ෂ - සජිත් ඇතුලු npp විරෝධී මඩ බලකායේ වැඩක්

Sanjaya Jayasena

මාගේ යෝජනාව වනුයේ... අනාගත ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රට හදන ආකෘතිය ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන් ප්‍රධාන නගරවල සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ පවත්වන ප්‍රදර්ශනය තුල දිනපතා සම්මන්ත්‍රණ තුලින්ද ජනතාව දැනුවත් කිරීමට පියවර ගත හැකියි. ලබන වසරේ ජනාධිපතිවරණයට කිට්ටු කාලයක පවත්වන්නට දැන් සිටම සූදානම් කර ගන්නේනම් ඉතා සාර්ථක වැඩ සටහනක් බවට පත් කර ගත හැකියයි මගේ විශ්වාසයයි.

Admin

ඔබගේ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි. අපගේ ප්‍රචාරක වැඩසටහන්වලදී රට ගොඩනැගීම සම්බන්ධ කරුනු කෙරෙහිද වැඩි අවදානයක් යොමු කිරීමට පියවර ගෙන ඇත්තෙමු. එය තවත් වර්ධනය කරගත යුතු බව අපගේද අදහසයි. එබැවින් ඔබගේ යෝජනාව ප්‍රචාරක අංශය වෙත යොමු කරන බව දන්වා සිටිමු.

Asitha

How I can read the npp policies .

හිරුශ ගිම්හන්

අද්‍යාපන ප්‍රතිපති ප්‍රාකාශන අවශ්‍යයි

A. C. M. Asmy

தோழர் அனுர குமார திசாநாயக்க அவர்கள் வெளியிடப்பட்ட பணக்காரர் பட்டியலில் முதல் 10 இடங்களுக்குள் அடங்குகிறார். என்று அனைவரும் பேசுகிறார்கள் அதற்கான விலகத்தை தர முடியுமா?