Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Isuru de Alwis

2024ට අදාළ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වනතුරු උනන්දුවෙන් බලා සිටිමි. ඉදිරිපත් කරන්නේ කවදාද?

Admin

ඔබේ පැනයට ස්තූතියි. එමෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති දැන ගැනීම සඳහා ඔබ තුළ වන කුතුහලය අපව තව තවත් දිරිගන්වන සුළුය.  

ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කාලීන වෙනස්කම් වලට බඳුන් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විටත් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් සකස් කරමින් සිටී. වඩාත් විද්‍යාත්මක ලෙස රටේ සියළුම අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස මෙම විද්‍යානූකූල රට ගොඩනගන වැඩපිළිවෙල ඉතා ඉක්මනින් ජනගත කිරිම අපගේ අභිලාශයයි. එය ඉතාම නුදුරු දිනයක ඔබ මෙන්ම සුවහසක් ශ්‍රී ලාංකේය  ජනතාව හමුවේ  ඉදිරිපත් කිරීමට නියමිතය.

2019 මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ජනබලවේගයේ දේශයේ අපේක්ෂාව නම් වැඩපිළිවෙළ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අධ්‍යනය කළ හැකිය. නව තත්වයන්ට ගැලපෙන ලෙස සකස් කරන නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ලඟදීම බලාපොරොත්තු වන්න.

Uditha Nayanajith

මම දෙශපාලනයට ට ගොඩාක් ලැදි අයෙක් නෙවෙයි . හැබැයි මන් ගොඩක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්නනකැමති. මන් කැමති NPP මේ සැරෙ එනවට . ඔයාල ජනාධිපතිවරණය දිනන්න චාන්ස් එක වැඩි . හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය ට ගැන මන් ගොඩාක් මිනිස්සු න්ගෙ කියවීම දැක්ක . ප්‍රාදේශියව ඔයාලගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලන අය සමහර වෙලාවට වෙනත් පක්ශ වලින් ඉල්ලල පැරදුන අය . තව සමහර අය ඒ ඒ ගම් වල මිනිස්සු ප්‍රිය නොකරන අය ඒ හින්ද ඒ ක ඔයාලට අවාසි. මන් යෝජනා කරනව ඔයාල අපේක්ශකයො තෝරද්දි 1. ඔහුගේ අද්‍යාපන සුදුසු කම අනිවාරයෙන්ම 2. සාමාන්‍ය මිනිසුන් ඔහුට දක්වන ප්‍රතිචාරය (අදාල ගමෙන් අහබු ලෙස තෝරගන්න මිනිසුන් සමග සංවාද කිරිමෙන් හා අපේක්ශකයාගෙ ප්‍රදේශයෙන් බැහැර මිනිසෙකු ඔහු ගැන දක්වන ප්‍රතිචා ලංකාවෙ වැඩිහිටි මිනිස්සු තාම පරණ දේශපාලන ක්‍රමයේ සිටින බැවින් ඒ සිස්ටම් එක ජනාධිපතිවරණය ට ලොකු බලපෑමක් නැ මිනිස්සු හැමොටම ලොකු වෙනසක් ඔනි හැබැයි අනිත් චන්දෙ දි මේක ගොඩාක් බලපානව හිතේ NPP එනවට කැමති හැබැයි අපේ ගමෙන් මෙයා එනවන්ම් දෙන් නැ කියන අය ගොඩයි.

Admin

එළඹෙන කුමන ජාතික මැතිවරණයක් වුවද එය මෙරට ජනතාවට එකසේ තීරණාත්මක වන බව අපගේ විස්වාසයයි. එමෙන්ම වෙනත් කිසිදු පක්ෂයකට වඩා වඩා සුවපහසු ලෙස ඒ ඕනෑම මැතිවරණයක් සඳහා තරගකිරිමේ හැකියාව අප සතුය. අප පිළිබදව ඔබ තබා ඇති විස්වාසයට පළමුව අපගේ කෘතවේදිත්වය පළ කරන අතර ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ විසින්යොමු කර ඇති අදහස් සහ යෝජනා පිළිබදව අපගේ අවධානය යොමු කරන බව කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු.

Gagana Eksith wijayabandara

ස්වයන් ව්‍යවසායකයෙකු වීමට වසර ගනනක් පුරාවට දැරූ උත්සාහයන් නිසා බිම් මට්ටමේ ජීවත්වන මිනිසුන්ගේ ගැටලු පිළිබද යම්කිසි අවබෝධයක් මා හට පවතී.නමුත් ප්‍රායෝගිකව ලැබූ අත්දැකීම් පමනක් බැවින් මා හට සහතික මගින් ඔප්පු කිරීමේ හැකියාවක් නොමැත.ව්‍යාපෘති සකස් කරමින් මෙම ආර්ථික ක්‍රියාවලිය යම්තාක් දුරට හෝ නගා සිටුවීමට දායකත්වයක් ලබාදෙන්න හැකිනම් ඒ සදහා එක් වීමට ඉතා කැමැත්තෙමි. ස්තූතී.

Admin

ඔබගේ කරුණූ විමසීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. 

ලෝකයේ ඕනෑම රටක ආර්ථිකයේ සහ සංවර්ධනයේ කොඳු නාරටිය වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වයවසයන්ය (MSMEs). ලෝකයෙ දක්නට ලැබෙන මෙවැනි ආයතන ප්‍රමාණය මිලියන 400 ක් පමණ වේ. ලෝකයේ පවතින සියළුම ව්‍යාපාරික ආයතන අතරින් 99% ක්ම අයිති වන්නේ මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වයවසයන්ටය. ඇමරිකාව, චීනය, ජර්මනිය, ජපානය වැනි රටවල් සියල්ලම පාහේ මෙම ආයතන පිළිබඳව විශාල විස්වාසයකින් වැඩ කරයි. 

අපේ විස්වාසය වන්නේ ද ශ්‍රි ලංකාවේ ආරථික සංවර්ධනයේ පදනම සහ කොඳු නාරටිය වන්නේ  මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වයවසයන් බවයි. නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ බිහි කිරීමට මෙවැනි ප්‍රෙව්ශයක් අත්‍යාවශ්‍ය වේ. ඒ පිළිබදව වඩා සංවිධිත සැළැස්මක් අප විසින් සකස් කර ඇත. එය නුදුරේම පිහිටුවන ලබන අපගේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙම ක්‍රියාවළිය ට ඔබට ද සක්‍රියව දායක විය හැකිය. ඒ සඳහා ඔබට ලඟම පිහිටි අපගේ කොට්ඨාශ සභාව සම්බන්ධ කර ගන්න.

wimal pathma kumara

අපේ ආණ්ඩුවක් යටතේ රට තුල ආහාර සෞඛ්‍ය නංවාලීමට ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

Admin

ආහාර මිනිසාගේ පැවැත්මේ පදනමයි. මිනිසා පමණක් නොව සියළු ජිවින්ට ද මෙය අදාලයි. ඒ නිසාම ආහාර යනු මිනිස් පැවැත්මට මෙන්ම සමූහයක් ලෙස සමස්ත සමාජීය යහපැවැත්ම සඳහා ද අත්‍යවශ්‍ය මූලික මිනිස් අවශ්‍යතාවලින් එකක් ලෙස පිළි ගැනෙනවා. ආහාර මූලික මිනිස් අවශ්‍යතාවයක් වන්නේ එය ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන නිසයි. පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ශක්තිය සහ සෛල ක්‍රියා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සපයයි. ශරීරයේ පටක වර්ධනය, අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම සඳහා ශරීරය පෝෂ්‍ය පදාර්ථ ද භාවිතා කරයි. ඒ නිසා සමබර ආහාර වේලක් ලැබීම යනු ක්‍රියාශීලීව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂ්‍ය පදාර්ථ සපයන ප්‍රධාන මාර්ගයයි.

මේ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පළමුව සිදු කරන කාර්යයන් අතර ප්‍රමුඛ කාර්යයක් වන්නේ රටේ සියළුම පුරවැසියන්ට සමබල ආහාර වේලක් වෙත ප්‍රෙව්ශ විමට ඇති අයිතිය තහවුරු කිරීමයි. අද වන විට අපේ රටේ බහුතරයක් ජනතාවට මේ අයිතිය සුරක්ෂිත වි නැත. රටේ සමස්ථ ජනතාවගෙන් 50% වැඩි පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙති. ඔවුන්ට සමබල ආහාර වේලක් තබා දිනකට එක් වේලක් වත් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැත. ඒ නිසා මෙම තත්වය පාලනය කර සැමට සමබල ආහාර වේලක් ලැබීමට ඇති අයිතිය ජාතික ජන බලවේගය ආණ්ඩුවක් තුළ තහවුරු කරනු ඇත.

අනෙක් පසින් ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය, ආනයනය වෙනුවට ඒවා රට තුළම නිපදවීම, ආහාර සුරක්ෂිතතාවය සහ සමානාව බෙදී යෑම කෙරෙහිී විශේෂ අවධානයක් අප යොමු කරනු ඇත. අනෙක් පසින් සෞඛ්‍ය පහසුකම් යනු ද අත්‍යාවශ්‍ය මිනිස් අයතිවාසිකමක් වගේම මූලික මිනිස් අවශ්‍යතාවයක්. ආහාර සහ සෞඛ්‍ය අතර ද අවියෝජනීය බැඳිමක් සහ බඳතාවයක් තිබේ. ප්‍රමාණවත් සහ ගුණාත්මක ආහාර වේලක්, සෞඛ්‍යයට කෙළින්ම බලපානු ලැබේ. ඒ නිසා පෝෂණීය ආහාර සම්පාදනය නිවැරදි වු විට සෞඛ්‍ය ගැටළුවළින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉබේම විසඳෙනු ඇත.

අනෙක් පසින් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ජාතික ජනබලවේගය උපරිමයෙන් කටයුතු කරනු ඇත. අංග සම්පූර්ණ රෝහල් පද්ධතියක් ඉදිකිරීම සහ මානව සම්පත් සම්පාදනයට මෙහිදි මල් තැන ලබා දෙනු ඇත. කොට්ඨාශ සභා මුල් කර ගත් අත්‍යවශ්‍ය මූලික ප්‍රථිකාර ඒකක පද්ධතියක් රටපුරා ගොඩ නගනු ඇත. එමෙන්ම දෙවන පෙළ උසස් පහසුකම් සහිත රෝහල් පද්ධතියක් ද ජාතික මට්ටමේ අංග සම්පූර්ණ ජාතික රෝහල් පද්ධතියක් ද ගොඩ නගනු ඇත.

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් තුළින් නිරෝගී පුරවැසියෙක් බිහිකරන සහ ඒ වෙනුවෙන් ප්‍රතිකාරයට වඩා රෝග නිවාරණය අරමුණු කරගත් නිරෝගී දිවි පැවැත්මක් ජනතාව වෙත ලබා දෙන පාලනයක් ස්ථාපනය කිරීම ජාතික ජන බලවේගයේ අභිප්‍රායයි. ගුණාත්මක සෞඛ්‍ය සේවයක් - නිරෝගී පුරවැසියෙක් යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2019 මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ තුළ පැහැදිළිව අන්තර් ගත වේ. එය ගැඹුරින් අධ්‍යනය කිරිමෙන් ඔබට මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර ලබා ගත හැකියි.

අමිල නිශාන්ත

විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල ප්‍රායෝගික අධ්‍යාපනයක් පිලිබඳ යෝජනා මොනවද?

Admin

ඔබ විසින් යොමු කර ඇති කාලීන වැදගත්කමක් ඇති මෙම පැනය පිළිබඳව අපගේ ස්තූතිය. 

අධ්‍යාපනය යනු ඒ ඒ පුද්ගලයන් සතු විභවතාවන් හා හැකියාවන් ඉස්මතු කරමින් සමාජ සංවර්ධනයට සක‍්‍රියව දායක විය හැකි සමබර පෞරුෂයක් සහිත ශිෂ්ට සම්පන්න මානව සම්පතක් බිහිකිරීමේ සංස්කෘතික ක‍්‍රියාවලියකි. ඒ වගේම  අධ්‍යාපනය කියන්නේ ඕනෑම රටක, සමස්ථ සමාජ සැකැස්මේ මුලිකම පදනමයි. ඒ වගේම එය සමාජයක් තුළ වෙසෙන ඕනෑම පුරවැසියෙකුගේ මූලික මිනිස් අයිතියක්. ඒ නිසාම ඕනෑම රටක අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු වන්නේ අධ්‍යාපනය ලැබීම සඳහා සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය සුරැකෙන ලෙස සහ ඒ සඳහා සමාන අවස්ථාවන් සියළු පුරවැසියන්ට ලැබෙන ආකාරයටයි. ඒ අනුව ජාතික ජනබලවේගයේ අධ්‍යාපනය පිළිබඳව වන ජාතික ප්‍රතිපත්තිය සකස් වන්නේ මෙම අවස්ථාවන් නිසි ලෙස තහවුරු කෙරෙන ආකාරයටයි.  එමෙන්ම පුරවැසියන්ට කිසිදු වෙනස්කමකට ලක් වීමෙන් තොරව නිදහසේ අධ්‍යාපනය ලැබිමේ  මූලික මිනිස් අයිතිය සුරක්ෂිත වන ආකාරයටයි. මේ නිසා ඕණෑම රටකට තමන්ටම ආවේණික, නව්‍ය සහ අද්විතීය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කර ගැනිම අත්‍යාවශ්‍ය සාධකයක්.  එමඟින් රටේ පොදු මහජනතාව සඳහා උසස් ජීවන මට්ටමක් සහ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කළ යුතුයි. ඒ වගේම මෙවැනි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් රටේ කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන ජාතික ආර්ථීක සංවර්ධන ඉලක්ක සමඟ ද ඓන්ද්‍රිය ලෙස සහසම්බන්ධ විය යුතුයි. මොකද ජාතික ආර්ථික ප්‍රතිපත්තියෙන් ව්‍යුක්ත වුණ අධ්‍යාපන ක්‍රමයකින් ඇති ඵලක් නැහැ.    නමුත් අපේ රටේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ මෙම ඉලක්කය ලඟා කර ගැනීම සඳහා ද යන්න පිළිබඳව ඔබ ගැඔුරින් සිතා බැලිය යුතුයි. 
පවතින වාස්ථවික තත්වය අනුව අපේ රටට වහාම නිවැරදි, විද්‍යානුකූල සහ නව්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. මේ ඉලක්කය ලඟ කර ගැනීම සඳහා අපේ රටේ අධ්‍යාපන ව්‍යුහයේ වහා සිදු කළ යුතු මූලික වෙනස් කම් කිහිපයක් තිබෙනවා.  ලෝකයේ මේ වන විට විද්‍යාත්මකව සහ පොදුවේ පිළිගැනෙන, සාමාන්‍යෙයන් රටක අධ්‍යාපන ක්‍රමය සමන්විත විය යුතු මූලික ස්ථර කිහිපයක් දැකිය හැකියි.  

• විද්‍යාත්මක සහ නව්‍යකාරක පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය (pre-primary education) 
• විස්තීර්ණ හා විද්‍යාත්මක ප්‍රාථමික පාසැල් අධ්‍යාපනය (comprehensive primary education)  
• ඉහල ද්විතීක අධ්‍යාපනය (upper secondary education) 
• විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය  (University Education) 

මෙහිදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය කොටස් දෙකක් ලෙස ඇති කළ යුතුයි. එයින් එකක් වන්නේ සාමාන්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි ( General Education). දෙවැන්න උසස් වෘත්තීය අධ්‍යාපනයයි (applied sciences Education). මේ සඳහා රට තුළ විශ්ව විද්‍යාල වර්ග දෙකක් ඇති කළ යුතුයි. පළමු වැන්න සාමාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා වෙන්වන සාමාන්‍ය විශ්ව විද්‍යාල (Universities of General Education) ඇති කිරීමයි. දෙවැන්න වෘත්තීය අධ්‍යාපනය ලබා දීම ඉලක්ක කර ගොඩනගන, ව්‍යවහාරික විද්‍යා අධ්‍යාපනය සඳහාම වෙන්වු විශ්ව විද්‍යාල බිහි කිරිමයි (universities of applied sciences). මේ සඳහා සැබෑ නව්‍යකරක සහ විස්තීර්ණ යොමුවීමක් තිබිය යුතුයි.  

ඒ වගේම අධ්‍යාපනය ලැබීම යනු අවසානයක් නැති ක්‍රියාවළියක් (no dead-ends). උසස් අධ්‍යාපනය ලබන්නන්ට (upper level of education)  තමන් කැමැති විෂය පථයක් ඔස්සේ තවදුරටත් සාමාන්‍ය උසස් අධ්‍යාපනය හෝ උසස් ව්‍යවහාරික විද්‍යා අධ්‍යාපනය දිගටම සිදු කිරීම සඳහා ද අවශ්‍ය කරන පදනම ද සමාජයක සකස් විය යුතුයි. මෙම ව්‍යුහාත්මක රාමුව (Structural Framework) තුළ සිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වනු ඇත. ඉහතින් දක්වා ඇත්තේ යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෝහාරික සැකැස්මයි.  

ගුණාත්මක අධ්‍යාපනයක්  - ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජාතික  අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වන ආකාරය පිළිබඳව 2019 දි ඉදිඑිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් අධ්‍යනය කරන ලෙස ඉල්ලා සිටිමු.