Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Has Fernando

We sincerely hope that Anura Kumara and the NPP will be victorious in both presidential and general elections. However, as we all know that other parties are getting together to avoid this from happening, my humble request for NPP, is to go into more Northern & Eastern provinces to convince our Tamil & Muslim brothers and sisters. This will be a deciding factor in getting a majority. By the way I am from Canada. Also, I wanted to contact your Brampton(Canada) representative, but so far no response from him.

Admin

Thank you for your both messages . We have started political engagements in the north and east with our tamil speaking brothers . Harini will also attend rallies . While appreciating your concerns , we wish you a joyous new year . Regards

Isuru Senevirathna

ක්‍රීඩාව සහ දුප්පත් පාසල් පිළිබදව

Admin

ක්‍රීඩාව යනු කුසලතා, තරඟකාරිත්වය සහ ව්‍යුහගත නීති රීති ඇතුළත් පොදුවේ පිළිගත් ශාරීරික ක්‍රියාකාරකම් සමුදායකි. එය විවේකය, යෝග්‍යතාවය, විනෝදය හෝ වෘත්තීය අරමුණු සඳහා යොදා ගත හැකියි. ජනතාවගේ ශාරීරික සෞඛ්‍යය පැවැත්මට, සමාජ අන්තර්ක්‍රියාවල පැවැත්මට, කණ්ඩායම් වැඩවලට, විනය සහ චරිත සංවර්ධනයට ඉතා වැදගත් වේ. එමෙන්ම රටකට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩ නැගීම සඳහා ද එය ඉවහල් වේ. අනෙක් අතින් ආර්ථික අරමුණ වෙනුවෙන්ද භාවිතා කළ හැකිය. ජාතික ජනබලවේගය හැම විටම මෙම අරමුණු වෙනුවෙන් මෙම ක්ෂේත්‍රය තුළ ද කටයුතු කරනු ඇත. ක්‍රිඩාව බලගැන්වීමේ ප්‍රධාන වේදකාවක් වන්නේ පාසැල් පද්ධතියයි. සම්පත් බෙදී යෑමේ විෂමතාවයන් හේතුවෙන් දිවයිනේ බොහෝ පාසැල් වල දූ දරුවන්ට මේ සදහා අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැත. එය පොදුවේ ක්‍රිඩාවේ අරමුණු ජය ගැණිම සදහා ප්‍රබල බාධාවක් වී තිබේ. මේ නිසා අප විසින් ගොඩ නගන ආණ්ඩුවක් යටතේ පාසැල් පද්ධතිය ප්‍රශස්තකරණයකට ලක් කරන අතර විෂමතාවයන් අවම කර අවශ්‍ය පහසුකම් සියල්ල සියළූම පාසැල් වලට ලබා දිමට කටයුතු කරනු ඇත.

Seyed mohamed fazi

Rata diyunukarana vadapilivelata janathawa washayen ape adahas Saha yo jana, chordata wakata npp Rajayak lesa Kotharam avadanayak lebadenawada

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබදව ස්තූතිය පළ කරමු. ජාතික ජනබලවේගය යනු අන් යමක් නොව මෙරට ප්‍රගතිශිළි ජනතාවගේම දේශපාලන ව්‍යාපාරයයි. නව පුනරුදයක් කරා රට ගෙන යන වැඩපිළිවෙළ මේ වන විටත් අප විසින් ක්‍රියාවේ යොදවා ඇත. එහිදී ජනතාවගේ අදහස් හා යෝජනා වලට හැම විටම අපගේ ප්‍රමුඛතාවය ලබා දෙමු. ඉදිරියේදි පිහිටුවන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක ක්‍රියාකාරිත්වය රදා පවතින්නේ ද ජනතා අදහස් සහ කැමැත්ත මතමය. ජනතා අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා දැනටමත් අප ක්‍රියා කරමින් සිටිමු. ඔබ මේ පැනය යොමු කරන්නේ ද එවැනි වැඩපිළිවෙළක කොටසක් ලෙසමය. ඉදිරියේදී එය එසේම ක්‍රියාත්මක වනු ඇත.

Gihan Nimsara

මම ගිහාන් නිම්සර. මහනුවර දිස්ත්‍රික්කයෙන්. මම අවරුදු 17ක පාසල් ශිෂ්‍යයෙක්. ඇත්තෙන්ම අපේ රටේ තියෙන අද්‍යාපන ක්‍රමය ඉක්මනින් වෙනසක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි තාම ඉන්නේ පරණ අද්‍යාපන රටාවෙමයි. ලොකු වෙනසක් වෙලා නෑ. මොකද වෙන රටවල් වල ලමයි තාක්ෂනය උපරිමෙන් භාවිතා කරද්දී අපි තමා ආදී කලේ ලගු පොත් ක්‍රමය භාවිතා කරන්නේ. අපි තාම ඒ තැනමයි. මේ අද්‍යාපන ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම වෙනස් කලයුතුමයි. මොකද මේ රටාව මගින් ලංකාවේ ළමයිට අද්‍යාපනය මත ආසාවක් හිතට නැගෙන්නේ නැත. ඒම නිසා මෙය ඉක්මනින් වෙනස් කරන ලෙස ගවුරවයෙන් ඉල්ලා සිටිමි. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණය කරන්න ඕනි. එතකොට බොහෝදෙනෙකුට සරසවි වරම් හිමි වෙනවා. ඒම නිසා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයෙක් විදිහට රටේ පුරවැසියෙක් විදිහට මගේ දැනට ඇති යෝජනාව මෙයයි.අනාගතේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණීමට දැඩිව මා බලාපොරොත්තුවෙන් සිටින බවත් කාරුණිකව දන්වා සිටිමි. ස්තුතියි!

Admin

ඔබගේ අදහස් දැක්වීම පිළීබදව අපගේ විශේෂ ස්තූතිය පළමුව පිරිනමමු. පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතු බව අප දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. අප විසින් ගොඩ නගන ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්යයක් වන්නේ නූතන ලෝකයට ගැලපෙන ගුණාත්මක සහ ප්‍රමාණාත්මක අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ගොඩනැගිමයි. ඒ වෙනුවෙන් අප නොපමාව ක්‍රියා කරනු ඇත. මේ පිළිබදව වැඩි දුරටත් කරුණු දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් අපගේ වෙබි අඩවියට පිවිස අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පරිශිලනය කරන්න. එසේම ඔබට ජාතික ජනබලවේගයේ දේශපාලනය සමග සම්බන්ධ විමට කිසිදු බාධාවක් නැත. නොපමාව ලඟම ඇති අපගේ කොට්ඨාශ සභා නියෝජිතයින් හමු වි ඔබගේ අදහස ප්‍රකාශ කරන්න.

Dulani Priyadarshana

Mage husbund awurudu 17k pamana videsha rataka weda karamin siti. Obathumanlage rajayak yatathe wehicle ekak genimedi apa weni ayata sahanayak lebenawada? Denatamath mage mahatthaya lankawata videsha vinimaya ewana kenek.

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළ කරමු. විදේශ ගත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ එහි වටිනාකම් පිළිබඳව අප ඉතා හොඳ අවබෝධයකින් සිටිමු. එමෙන්ම ඒ සඳහා වන අපගේ බර තැබීම අනුර දිසානායක සහෝදරයා විටින් විට ඔවුන් හමුවීමට යෑමෙන්ම ඔබ තේරුම් ගනු ඇතැයි විස්වාස කරමු. විදේශගත ශ්‍රි ලාංකිකයින් මෙන්ම මෙරට වෙසෙන ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මුහුණ දෙන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති බව අප හඳුනා ගෙන ඇත. ඔබ විසින් යොමු කර ඇති ගැටළුව ද ඒ අතර තිබේ. අපගේ ආණ්ඩුවක් යටතේ මෙම ගැටළු විසදීමට කඩිනමින් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව කාරණිකව දන්වා සිටිමු.