Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Dileepa gayashan

අපි එදා මිනිස්සුන්ට තෙරුම් කරන්න හැදුවා . දැන් එ අය තෙරුම් අරන් අපිට පක්ශය ගැනකියනවා . දැන් නම මාරම සතුටක්. ජය වේවා . අනුර සහොදරයා අපිට අපේ ලමයිට සුරක්ශිත රටක් ඔබ හදනව එක සත්තයි . 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

Admin

ඔබ අප හා සම්බන්ධ වීම පිළිබඳව පළමුව  අපගේ ස්තූතිය පිරිනමමු.
ඔබ අප පිළිබඳව දක්වන ආකල්පය අපව තව තවත් දිරිගන්වන සුළුය. ඒ් පිළිබදව අපගේ ස්තූතිය  පිරිනමමු. ඒ් වගේම ඔබ අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරක්ෂිත කොට බිඳ වැටී තිබෙන රට යළි ගොඩනගන බව ඔබ  වෙත කාරුණිකව දන්වා සිටින අතරම එහි සක්‍රිය කොටස් කරුවෙකු බවට පත්වන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු.  
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිනමමු.

Krishanthi amugoda vidanelage

Mama inne Uk wala api adaren balagena inne npp eka dinanakal apita puluwan uparimaya api facebook eka haraha karanawa me tikema niwadu dala npp meetings balanawa mata hithata denuna deyak kiyanna Ona kiyala hithuna nisa thamai meka ewanne puluwannam mata number 1 Danna please man katha karannam

Admin

ඔබ අප හා සම්බන්ධ වීම පිළීබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. ඔබ අප පිළිබඳව දක්වන ආකල්පය අපව තව තවත් දිරිගන්වන සුළුය. ඒ් පිළිබදව අපගේ ස්තූතිය පිරිනමමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු. 

අපගේ ප්‍රධාන කාර්යාලය සමග පහත ආකාර වලින් සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

ලිපිනය: 464/20, පන්නිපිටිය පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 0112785612, 0777199524, 0714458399

Lahiru Perera

සහෝදරයිනි, මම සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන අයෙක්. මා හට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ලහිරු පෙරේරා නො 9/6 තල්ගස්ගොඩ පාර පොල්වත්ත අම්බලන්ගොඩ

Admin

ඔබ අප හා සම්බන්ධ වීම පිළීබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් එළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීම සදහා අපගේ ප්‍රධාන කාර්යාලය සමග පහත ආකාර වලින් සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

ලිපිනය: 464/20, පන්නිපිටිය පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 0112785612, 0777199524, 0714458399

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Amantha Kavishka

මගේ ගැටළුව මම ලංකාව තුල ප්‍රසිද්ද සහා මහ බැංකුවේ ලියාපදිංචි බැන්කු නොවන මුල්‍ය ආයතනයක දැනට සේවය කරනවා.මගේ තනතුර(microfinance) කියන ජොබ් රෝල් එක තමයි අරන්නේ මා ගොඩාක් ගණු දෙනු වෙන්නේ කාන්තාවන් සමග (microfinance) නිසා කන්තාවන් දුක් විදිනවා ඔහුන් ගන්නන් වාලේ ලෝන් අරන් දැනටමත් අමාරුවේ වැටි තිබෙනවා මේ නිසා ඔහුන්ට පව්ල් ජීවිතය දරුවන් පවා අහිමි වීමේ සම්භාවිතාව ඉතා විශාලයි..පෙලක් කාන්තාවන් මේ (microfinance) නිසා ඔහුන්ගේ වටිනා දේ පවා විකුණා මෙම ලෝන් ගෙවනවා.ඒ විතරක් නෙවේ මේ (microfinance)කරන මාර්කටින් ඔෆිසර් පවා මෙම ජොබ් එක නිවැරදිව කිරිමට අපොසත් වී තිබෙනවා එම නිසා ඔහුන්ට මෙම රැකියාව සතුටින් කිරිමට අපොසත් වි තිබෙනවා මාගේ ප්‍රශ්ණය(microfinance) ජොබ් රෝල් එක නිසා මේ පිඩාවට පත්වි තිබෙන අයට සහන ලැබෙනවද?(microfinance) කියන එක ලංකාවෙන් අයින් කරනවද මන් ජොබ් එක කරත් මාත් එකට කැමති අයින් වෙනවනම් npp රජයක් තුල මේවට විසදුම් තියනවද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන ණය ලබා දෙන ශුද්‍ර මූල්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබදව ද අප සතුව අවබෝධයක් ඇත. ග්‍රාමීය ජනතා‌ව මුහුණ දෙන ණය ගැටළු මෙන්ම මෙම ආයතන වල සේවය කරන සේවකයින්ගේ ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. එබැවින් ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ මෙම ගැටළු කඩිනමින් විසදීමට අප මැදිහත් වෙන බව කාරුණිකව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Daham

වැලිගම Surfing සඳහා අතිශය ප්‍රසිද්ද නගරයක්. නගරය ආසන්නයේ වෙරළ සීමාවේ දැනටමත් Surf point , surf school යන අන්වර්ත නාමයන්ගෙන් වෙලඳ ස්තාන ගණනාවක් , පුද්ගලයන් පවත්වාගෙන යයි. ඒවා නීත්‍යානූකූල tender ක්‍රමයක් යටතේ නොව, ඔවුනොවුන්ට ඇති හැකි ආකාරයෙන් වෙරළ ඉඩ යොදාගනිමින් පවත්වාගෙන යයි. NPP රජයක් යටතේ මේ ගැටළුව සාදාරණව විසදන්නේ කෙසේද?

Admin

ඔබ විසින් ගැටළුවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ දංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 142 වැනි පිටුවේ සිට ඉදිරියට මේ පිළිබදව අන්තර් ගත කොට තිබේ.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ විසින් පෙන්වා දි ඇති වෙරළ ආශ්‍රීත සංචාරක ක්‍රියාකාරකම් සහ ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් අපි යොමු කරමු. කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.